සමේ කැළැල් නැත්තටම නැති කරන්න රහස් 10 ක්

අපේ සමේ විවිධ වර්ගයේ කැළැල් ඇතිවෙනවා. තන්තුමය පටක නොහොත් කැළැල් පටක කියන්නෙ හානියට පත්වුණු දේවල් අලුත්වැඩියා කරන්න ඔයාගෙ ශරීරය දරන උත්සාහයයි. එය සුව කිරීමේ ස්වාභාවික කොටසක්. ඒකට ලොකු කාලයක් හා ඉවසීමක් අවශ්‍ය වෙනවා. කොහොම වුණත් මේ ක්‍රියාවලියට උදව් කිරීමට හා කැළැල් ඇති පටක වල පෙනුම අඩු කරන්න ඔයාට කරන්න පුලුවන් දේවල් තියනවා.

බයිසිකල් අනතුරු, රැවුල කැපිමේදී සිදුවන තුවාල හෝ වේදනාකාරී සැත්කම් නිසා සමේ ඇතිවන කැළැල් මැකී යාමට ඔයාට භාවිතා කරන්න පුලුවන් සත්කාර කිහිපයක් ගැනයි අද අපි ඔයාට කියලා දෙන්නේ.

10. වැස්ලින්

අධ්‍යයනවලට අනුව, මිල අධික ක්‍රීම් හා සීරම් වලට වඩා වැස්ලින් ගොඩක් ඵලදායී හා විශ්වාසදායක පිළියමක් බව ඔප්පු වෙලා තියනවා. දිනකට 3 වරක් බැගින් සති 1-3 දක්වා සමට වැස්ලින් ආලේප කිරීමෙන් ඔයාගෙ සම සජලීයව තියන්න උදව් වෙනවා. ඒ වගේම සමේ තියන කැළැල්වල පෙනීම අඩු කරලා සමේ වියළිබවත් අඩු කරනවා.

ඇට්‍රොෆික් කැළැල්, පැපොල රෝගයෙන් ඇතිවුණු කැළැල් හා කුරුලෑ කැළැක් සඳහා වැස්ලින් හොඳ ප්‍රතිකාරයක්.

09. පිරිසිදු කෝමාරිකා ජෙල්

කෝමාරිකා වල පුදුමාකාර චිකිත්සක ගුණාංග තියනවා. කෝමාරිකා කොළ වල සමේ පුනර්ජනන ක්‍රියාවලිය වැඩි දියුණු කරන ජෙල් වගේ ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එමගින් හානියට පත් සමට ප්‍රති-ගිනි අවුලුවන හා විෂබීජ නාශක බලපෑමක් ඇති කරනවා. කෝමාරිකා කොළයකින් ජෙල් ඉවතට ගන්න. ඒවා කෙලින්ම කැළල මත ආලේප කරලා රවුම් චලිතයකින් සම්බාහනය කරන්න. විනාඩි 30 ක් තබා එය සෝදා හරින්න. දවසට දෙවරක් කැළල මත කෝමාරිකා ජෙල් ආලේප කරන්න.

සිසේරියන් හා වෙනත් සැත්කම් වලින් පසු සමේ ඉතිරිවුණු කැළැල් මැකීමට කෝමාරිකා ජෙල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

08. සිලිකොන්

ඔයාට හයිපර්ට්‍රොෆික් කැළැල් හා කෙලොයිඩ් තියනවා නම්, ඔයාට සිලිකොන් ෂීට් පෑඩ් හෝ ස්වයං වියළන සිලිකොන් ජෙල් වගේ විශේෂ වෙළුම් පටි භාවිතා කරන්න පුලුවන්. සිලිකොන් අඩංගු ප්‍රතිකර්ම මගින් සමේ තෙතමනය වැඩි කරනවා. කැළැල් ඇති සම බැක්ටීරියා වලින් ආරක්ෂා කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට කැළැල් ඇති පටකවල පෙනීම අඩු කරනවා. ඔයාගෙ තුවාලය සුව වී සති 2 කට පසු සිලිකොන් තහඩු භාවිතා කරන්න පටන් ගන්න පුලුවන්. අවම වශයෙන් මාස 2 ක් සඳහා දිනකට පැය 12-24 ක් සිලිකොන් තහඩු භාවිතා කරන්න. හොඳ ප්‍රතිඵලයක් ලැබෙම තෙක් දවසට දෙවරක් සිලිකොන් ජෙල් යොදන්න.

හයිපර්ට්‍රොෆික් කැළැල්, කෙලොයිඩ් සඳහා සිලිකොන් හොඳම විසඳුමක්.

07. සඳුන් තෙල් සහ ලැවෙන්ඩර් තෙල්

අත්‍යවශ්‍ය තෙල් මගින් කොලජන් සෑදීම වැඩි දියුණු කරනවා. එයට විෂබීජ නාශක, ප්රති-ගිනි අවුලුවන, ඇස්ට්‍රිජන්ට් හා සුව කිරීමේ ගුණ තියනවා. සඳුන් සහ ලැවෙන්ඩර් අත්‍යවශ්‍ය තෙල්, නිතිපතා භාවිතා කරනවා නම් සම සුව කිරීමේ හා පුනර්ජනනීය ක්‍රියාවලිවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සඳුන් හෝ ලැවෙන්ඩර් තෙල් ටිකක් කැළල මත ආලේප කරලා හොඳින් සම්බාහනය කරන්න.

සියලු වර්ගවල කැළැල් සඳහා මේක හොඳ ප්‍රතිකාරයක්.

06. සම්බාහනය කිරීම

ඔයාගෙ සමේ තියන කැළැල් ඉක්මනින් සුව කිරීමට උදව් වෙන තවත් ගොඩක් හොඳ ක්‍රමයක් තමයි මේ. සමේ කැළල් තියන ප්‍රදේශයට ලෝෂන් ටිකක් ආලේප කරලා හොඳින් සම්බාහනය කරන්න. දවසකට කිහිප වතාවක් තත්පර 15-30 අතර කාලයක් කැළැල් මෘදු ලෙස සම්බාහනය කලොත්, එය යටින් තියන පටක වලට සම්බන්ධ වන ගණ කොලජන් පටි බිඳ දැමීමට උදව් වෙනවා.

කෙලොයිඩ් කැළැල්, සිසේරියන් කැළැල් හා වෙනත් සැත්කම් නිසා ඇතිවුණු කැළැල් නැති කරගන්න මේ සත්කාරය ගොඩක් වැදගත්.

05. සන්ස්ක්‍රීන්

ඔයාගෙ කැළැල් සහිත සම සුව කිරීමට ප්‍යාට ඕන නම්, කිසිම වෙලාවක ඔයාගෙ සම අහිතකර පාරජම්බුල කිරණවලට නිරාවරණය කරන්න එපා. පාරබුල කිරණ මගින් පුනර්ජනනීය ක්‍රියාවලියේ වේගය අඩු කරනවා. එවිට සෛල මගින් වර්ණක නිපදවන නිසා සමේ අඳුරු පැල්ලම් හා අඳුරු පැහැයක් ඇතිවෙනවා. හැම විටම SPF15 හෝ ඊට වැඩි අගයක් තියන සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.

සියලු වර්ගවල කැළැල් හා විශේෂයෙන්ම් කුරුලෑ කැළැල් සහිත සම ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීන් ආලේප කරන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා

04. ළූණු සාරය

ඒවායේ තියන් ප්‍රති-ගිනි අවුලුවන, ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා ළූණු සාරය සහිත ජෙල් මගින් අතුරු ආබාධ නැතුවම කැළැල් සහිත පටක මෘදු කරනවා. සැත්කමේ මුල් හෝ පසු කාලයේදී දවසට 3 වතාවක් හයිපර්ට්‍රොෆික් කැළැල් සඳහා ළූණු නිස්සාරණ ජෙල් භාවිතා කරන්න පුලුවන්.

පිළිස්සුම් කැළැල්; සැත්කම් තුවාල වලින් ඇතිවුණු හයිපර්ට්‍රොෆික් කැළැල් සුව කිරීමට ළූණු යුෂ හොඳ ප්‍රතිකාරයක්.

03. ඇපල් සයිඩර් විනාකිරි + මී පැණි

එහි අඩංගු ප්‍රති-ක්ෂුද්‍ර ජීවී හා ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා ඇපල් සයිඩර් විනාකිරි ස්වාභාවික විෂබීජ නාශක හා ඇස්ට්‍රිජන්ට් එකක් ලෙස බහුලව භාවිතා වෙනවා. පැරණි කැළැල් මුළුමනින්ම ඉවත් කිරීමට බැරිවුණත් ඒවා ගොඩක් අඩු කරගන්න උදව් වෙනවා. ඇපල් සයිඩර් විනාකිරි, මී පැණි සමඟ මිශ්‍ර කරලා කැළැල් වලට ආලේප කරන්න්. විනාඩි 10 කට පසු සෝදා ඉවත් කරන්න.

කුරුලෑ කැළැල් අඩු කිරීමට මේ සත්කාරය ලොකු උදව්වක් වෙනවා.

02. ඔලිව් තෙල් හා පොල්තෙල්

ස්වාභාවික ශාක තෙල් මගින් ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න පුලුවන්. උදාහරණයක් විදියට පොල්තෙල්වල ලෝරික්, කැප්රිලික් හා කැප්රික් අම්ල අඩංගු වෙනවා. එමගින් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරලා හානියට පත් සම සුව කරන්නත් උදව් වෙනවා. ඔලිව් තෙල්, අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් වන අතර කුරුලෑ කැළැල් සුව කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරනවා. ඒ වගේම සම සජලීයව තියාගන්නත් උදව් වෙනවා. හොඳ ප්‍රතිඵල ලැබෙන තෙක් දවසට කිහිප වතාවක්, විනාඩි 5-10 අතර කාලයක් ඔලිව් හෝ පොල්තෙල් ආලේප කරලා කැළැල් සම්බාහනය කරන්න.

කුරුලෑ කැළැල් සුව කිරීමට පොල් තෙල් හා ඔලිව් තෙල් හොඳ සත්කාරයක්.

01. විටමින් සී

කොලජන් නිපදවීම වැඩිදියුණු කිරීමට අපේ සමට විටමින් සී අත්‍යවශ්‍ය වෙනවා. එය සමේ නැමෙන සුළු බව වැඩි දියුණු කිරීමටත්, රතු පැහැය අඩු කිරීමටත්, තුවාල සුව කිරීමටත් උපකාරී වෙනවා. ශරීරයේ අභ්‍යන්තරයට වගේම ක්‍රීම් ලෙස ශරීරයේ පිටතටත් විටමින් සී අඩංගු නිෂ්පාදන ගන්න පුලුවන්.

කුරුලෑ කැළැල් හා සිහින් සැත්කම් කැළැල් සුව කිරීමට විටමින් සී උදව් වෙනවා.

වැදගත්:

සුබ ආරංචිය තමයි කාලයක් යනකොට ඔයාගෙ ඇඟේ තියන කැළල් ටිකෙන් ටික අඩු වෙනවා. ඒත් ඒවිදියට අඩු වෙන්නෙ නැති ගැඹුරු කැළලක් තියනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබා ගන්න එක හොඳයි. ඉතින්, සමේ කැළැල් වළක්වා ගැනීම සඳහා ඔයාගෙ තුවාලයට කරන්න පුලුවන් දේවල් තමයි මේ.

මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරලා නිතරම තුවාලය පිරිසිදුව හා තෙතමනය සහිතව තබා ගන්න.
හැම විටම තුවාලය ප්ලාස්ටර් එකකින් ආවරණය කරලා තියාගන්න.
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් වැළැක්වීමට සන්ස්ක්‍රීන් ආලේප කරන්න.
විවෘත තුවාලයක් සඳහා කිසිම ප්‍රතිකාරයක් භාවිතා කරන්න එපා. ඉවසිලිවන්තව තුවාලය සුව වෙනකන් ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *