සමේ ලප (ස්කින් ටැග්ස්) ඉවත් කිරීමට ඵලදායී ක්‍රම 8ක්

ස්කින් ටැග්ස් කියන්නේ අපේ සම මත සමේ පාටටම එන පොඩි ගෙඩියක් වගේ තත්වයක්. ගොඩක් වෙලාවට මේවා හානිකර නෑ. ඒ වගේම වේදනාවක් දැනෙන්නෙත් නෑ. ඒත් ඒවා ඇති වුණාට පස්සෙ අයින් කරලා දාන්නත් වෙනවා. විද්‍යාඥයන් කියන්නේ මේ ස්කින් ටැග් ඇති වීම අධික තරබාරුකම හා දියවැඩියාවේ දෙවනි මට්ටම අතර සම්බන්ධයක් තියෙනවා කියලයි. තවත් අය කියන්නේ ඒවා ඇතිවන්නේ හෝමෝන අසමතුලිත වීම කිසා කියලයි. ඇසිපිය, බෙල්ල, පියයුරු යට,කකුල් හා ඉන වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට මේවා ඇතිවෙන්නේ.

ස්කින් ටැග් නැති කරන්න අත්හදා බලන්න පුලුවන් පිළියම් කිහිපයක් දැන් බලමු. ඒවා කලොත් මේ ස්කින් ටැග්වල කරදරකාර වර්ධනය නවත්තගන්න පුලුවන්.

1. පළමුව ඔබේ වෛද්‍යවරයා හමුවන්න.


ගෙදරදී කරන්න පුලුවන් පිළියම් අත්හදා බලන්න කලින් ඔයාගෙ පවුලේ වෛද්‍යවරයා හෝ චර්ම රෝග වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන කියන්න. සමහර විට වෛද්‍යවරයා ඔයාට බයොප්සි පරීක්ෂණයක් කරන්න ඉඩ තියනවා.

2. ඇපල් සයිඩර් විනාකිරි


ඇපල් සයිඩර් විනාකිරිවලින් සෞඛ්‍යමය වාසි ගොඩක් තියනවා. ස්වභාවිකවම ආම්ලික වන ඇපල් සයිඩර්, සමේ පටක කැඩීමට උදව් වෙන නිසා ස්කිම් ටැග් එක සමෙන් ඉවත් කරන්න උදව් කරනවා.

පොඩි කපු පුළුන් කෑල්ලක් අරගෙන ඒක ඇපල් සයිඩර් විනාකිරිවල පොඟවලා වැඩි දියර ටික මිරිකා ඉවත් කරන්න. පුළුන් කැබැල්ල ස්කින් ටැග් එක මත තියලා පටියකින් ඔතන්න. රැයක් තබා උදේට අයින් කරන්න. මේ විදියට ස්කින් ටැග් එක වැටෙනකන් කරන්න.

3. තේ ගස් තෙල්


100% ක් තේ ගස් තෙල්වලට ක්ෂුද්‍රජීවී, ප්‍රතිදිලීර හා ප්‍රති-වෛරස් ගුණ තියනවා. සම මත ආලේප කරන්නත් ලේසියි.

ස්කින් ටැග් තියන ප්‍රදේශය පිරිසිදු කරලා කපු පුළුන් මත තේ ගස් තෙල් බින්දු කීපයක් යොදන්න. පොඩි මසාජ් එකක් කරන ගමන්ම සමේ ආලේප කරන්න. ඉක්මන් ප්‍රතිඵල සඳහා දවසට 3-4 පාරක් කරන්න.

4. ඔරිගානෝ තෙල් හා පොල්තෙල්


ඔරිගානෝ කියන්නේ ස්වාභාවික ක්ෂුද්‍ර ජීවී නාශකයක්. පොල්තෙල්වල ප්‍රතිබැක්ටීරියා ගිණ හා ලෝරික් අම්ලය තියන නිසා ඉන්නන් සඳහා ප්‍රතිකාර කරන්නත් පොල්තෙල් යොදා ගන්නවා.

ඔරිගානෝ තෙල් බිංදු 2-3ක් පොල්තෙල් බිංදු 4-5 ක් සමග මිශ්‍ර කරන්න. ස්කින් ටැග්ස් තියන ප්‍රදේශය උණුසුම් ජලයෙන් පිරිසිදු කරලා මේ මිශ්‍රණය කපු පුළුන් මත තබා ස්කින් ටැග් මත ආලේප කරන්න. ස්කින් ටැග් එක වියළී වැටෙන තෙක් මෙම ප්‍රතිකාරය කරන්න.

5. ලෙමන් යුෂ


ලෙමන් යුෂ සිට්රික් අම්ලවලින් පොහොසත් නිසා එමගින් මැරුණු සෛල ඉවත් කරලා ස්කින් ටැග් වියලීමට උපකාරී වෙනවා. දිනපතා සති කිහිපයක් යනතෙක් ස්කින් ටැග් එක මත ලෙමන් යුෂ ආලේප කලොත් එය සෙමින් දිරායනවා කියලා ඔයාට පෙනෙයි.

ස්කින් ටැග් තියන ප්‍රදේශය පිරිසිදු කරලා නැවුම් ලෙමන් යුෂ කපු පුළුන් කෑල්ලකට ගෙන දවසට 2-3 වරක් සමට ආලේප කරන්න.

6. කෝමාරිකා යුෂ


කෝමාරිකා ප්‍රසිද්ධ වෙන්නේ ඒවාගේ තියන ප්‍රති ඔක්සිකාරක හා තුවාල සුව කිරීමේ ගුණය නිසයි. ස්කින් ටැග් ඉවත් කරලා සම ඉක්මනින් සුව කරන්න කෝමාරිකා යොදාගන්නවා.

ස්කින් ටැග් ඇති ප්‍රදේශ පිරිසිදු කරලා කෝමාරිකා ජෙල් හෝ යුෂ ටිකක් ආලේප කරන්න. විනාඩි දෙකක් විතර මසාජ් කරන්න. දවසට 2-3 වරක් මෙය කරන්න.

7. පොඩිකරගත් සුදුළූණු


සුදුළූණු කියන්නේ ස්කින් ටැග් ඉවත් කරන්න ගන්න පුලුවන් ස්වාභාවික ක්ෂුද්‍ර ජීවී හා ප්‍රති දිලීර ඖෂධයක්. අප්‍රසන්න සුවඳක් තිබුණත් දවස් කිහිපයක් යනකොට ඔයාටම ප්‍රතිඵල බලාගන්න පුලුවන්.

නැවුම් සුදුළූණු බික් 2-3ක් අඹරාගෙන පේස්ට් එකක් හදාගන්න. කපු රෙදි කැබැල්ලක් මගින් සමට ආලේප කරන්න. වෙළුම් පටියකින් වහලා රැයක් තියන්න. මේ විදියටම රැයවල් 2-3ක් කරන්න.

8. කෙසෙල් ලෙලි


විහිලුවක් වගේ පෙනුනත් කෙසෙල් ලෙලි මගිනුත් ස්කින් ටැග් ඉවත් කරන්න පුලුවන්. ඉන්නන් ඉවත් කරන්නත් කෙසෙල් ලෙලි පාවිච්චි කරනවා.

ස්කින් ටැග් ඇති ප්‍රදේශය පිරිසිදු කරන්න. කෙසෙල් ලෙල්ලකින් පොඩි කෑල්ලක් කපාගෙන ඒකේ සුදු පාට පැත්ත ස්කින් ටැග් එක උඩින් තියලා වෙළුම් පටියකින් ඔතන්න. එක රැයක් තියන්න. මේ විදියට ස්කින් ටැග් එක ගැලවිලා වැටෙනකම් ඔයාට මේ ප්‍රතිකාරය කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *