සම පැහැපත් කර ගන්න නම් මේ රූපලාවණ්‍ය රහස් 24 පිළිපදින්න

ගොඩක් කාන්තාවන් දිනපතා මේකප් භාවිතා කරනවා. විවිධ වර්ගයේ රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගන්න කලින් තමන්ගේ මුහුමට හා සමට ගැලපෙන ඒවා තෝරාගන්න දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එතකොට තමයි මුහුණේ ස්වභාවික ලස්සන ඉස්මතු වෙලා අඩුපාඩු සඟවගෙන ලස්සන පෙනුමක් ලබා ගන්න ඔයාට පුලුවන් වෙන්නෙ.

තමන්ට ගැලපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගන්නවා වගේම ඒවා නිවැරදිව මුහුණට ආලේප කරන විදියත් අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් අද අපි ඔයාට කියලා දෙන්න යන්නේ මේකප් කරනකොට පාවිච්චි කරන වැදගත්ම අංග නිවැරදිවම මුහුණට ආලේප කරගන්නෙ කොහොමද කියලයි.

ෆවුන්ඩේෂන්

ඔයාගෙ මුහුණට ගැලපෙනම ෆවුන්ඩේෂන් එක තෝරගන්න. ෆවුන්ඩේෂන් යොදන නිවැරදිම ආකාරය ගැන ඔයා දන්නවා හම් එමගින් පුදුම හිතෙන දේවල් කරන්න පුලුවන්. ෆවුන්ඩේෂන් මගින් ඔයාගෙ මුහුණ ප්‍රබෝධමත් කරලා එහි හැඩය ඉස්මතු කරනවා.

01. ඕනෑම ෆවුන්ඩේෂන් වර්ගයක් ආලේප කරන්න කලින් මුහුණට ඔයා දිනපතා ආලේප කරන මොයිස්චරයිසින් ක්‍රීම් එක යොදන්න. ක්‍රීම් වියළුණාට පසුව තුවායක් මගින් වැඩිපුර ක්‍රීම් පිසදා ඉවත් කරන්න.

02. ෆවුන්ඩේෂන් එක අඩුපාඩු නැතුව ආලේප කරගැනීමට ස්පොන්ජ් එකක් හෝ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න.

03. ෆවුන්ඩේෂන් ආලේප කලාට පසුව ඔයාගෙ මුහුණට ටිෂූ එකක් තද කරන්න.

04. සමේ පෙනුම වැඩි දියුණු කිරීමට ගැලපෙනම ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න. ඔයාගෙ සමේ පැල්ලම් ඇතිවීමට ඉඩ තියනවා නම් තෙල් රහිත ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න. මොයිස්චරයිසින් කරන ෆවුන්ඩේෂන් එකක් හොඳින්ම ගැලපෙන්නෙ වියළි හෝ සාමාන්‍ය සමක් තියන මුහුණකටයි. සංවේදී සමක් තියන අයට ‘හයිපෝඇලර්ජෙනික්’ ක්‍රීම් එකක් තෝරගන්න පුලුවන්.

05. මැණික් කටුවේ හෝ ඔයාගෙ අත නැමෙන තැන ෆවුන්ඩේෂන් පරීක්ෂා කරන්න එපා. ඒ ප්‍රදේශයේ සම ඔයාගෙ මුහුණේ සමේ පාටට වඩා ටිකක් වෙනස්. මුහුණට ෆවුන්ඩේෂන් ආලේප කරලා පරීක්ෂා කරනවා නම් ෆවුන්ඩේෂන් ටිකක් මුහුණේ ගාලා ටික වෙලාවක් තියන්න. ටික වෙආවකට ඔඅසු ෆවුන්ඩේෂන් එකේ ඔආට තරමක් තද පාටකට හැරෙනවා. එමගින් ඔයාගෙ මුහුණට ගැලපෙනම ෆවුන්ඩේෂන් එක හොයාගන්න පහසු වෙනවා.

06. ෆවුන්ඩේෂන් ආලේප කිරීමේදී රවුමට ආලේප කරන්න. මැද සිට පිටතට පිළිවෙළට ආලේප කරගන්න.

07. විශාල ප්‍රමාණවලින් ෆවුන්ඩේෂන් යෙදීමෙන් වළකින්න. කුඩා, කව්පි ඇටයක ප්‍රමාණයේය ෆවුන්ඩේෂන් යෙදීම තමයි වඩාත්ම සුදුසු. එමගින් ෆවින්ඩේෂන් එක ඔයාගෙ මුහුණ පුරා ඒකාකාරීව ආලේප කරගන්න පුලුවන්. ඒ වගේම මුහුණට වඩාත් ස්වභාවික පෙනුමකුත් ලබා දෙනවා.

08. දිවා කාලයේ දී ෆවුන්ඩේෂන් යෙදීම වඩාත් සුදුසයි. ඔයාගෙ නාන කාමරයේ හොඳ කෘත්‍රිම ආලෝකකරණයක් තිබුණත්, ෆවුන්ඩේෂන් ආලේප කලාට පසුව ස්වභාවික ආලෝකයෙන් ඔයාව පේන්නෙ කොහොමද කියලත් බලන්න ඕන.

කන්සීලර්

හැම කාන්තාවකටම තමන්ගෙ මේකප් බෑග් එකේ නැතුවම බැරි රූපලාවණ්‍ය ආලේපනයක් තමයි කන්සීලර් එක කියන්නෙ. මේ මගින් කරන්නෙ අඩුපාඩු සැඟවීම. ඔයාගෙ මුහුණේ තියන වෙගෙසට පත් වූ ගතිය, ඇස් යට කලුවීම, පැල්ලම් හා කැළැල් ආවරණය කරගන්නත් කන්සීලර් එක උදව් වෙනවා.

09. හැමවිටම ඔයාගෙ සමට වඩා ටිකක් ලා පාටක කන්සීලර් එකක් තෝරාගන්න.

10. කන්සීලර් යෙදීමට පෙර ඔයා දිනපතා ආලේප කරන අයි ක්‍රීම් එක ආලේප කරගන්න. ඔයාගෙ සම දැනටමත් මොයිස්චරයිසින් කරලා තියනවානම් කන්සීලර් ආලේප කිරීම තවත් පහසු වෙනවා.

11. කන්සීලර් ආලේප කිරීමට කලින් ඔයාගෙ ඇඟිලි ටිකක් උණුසුම් කරගන්න.

12. ඕනෑම කන්සීලර් එකක් යෙදීමට පෙර හැමවිටම ෆවුන්ඩේෂන් ආලේප කරගෙන ඉන්න අමතක කරන්න එපා.

13. කන්සීලර් වෙනුවට ෆවුන්ඩේෂන් භාවිතා කරන්නත් එපා.

පවුඩර්

පවුඩර් එක කියන්නෙත් ගොඩක් ජනප්‍රිය රූපලාවන්‍ය උපාංග වලින් එකක්. ෆේස් පවුඩර් මගින් ඔයාගෙ සමේ තියන අඩුපාඩු ආවරණය කරලා සමට පරිපූර්ණ හා සිනිඳු පෙනුමක් ලබාදෙනවා. එමඟින් ඔයාගෙ සමෙන් වැඩිපුර තෙල් ගතිය අවශෝෂණය කරගෙන සමේ දිලිසෙන බව නැති කරනවා.

14. ඔයාගෙ මොයිස්චරයිසින් ක්‍රීම් හෝ ෆවුන්ඩේෂන් එක සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු පමණක් පවුඩර් යොදන්න.

15. පවුඩර් ආලේප කිරීමට හොඳම ක්‍රමය තමයි ස්පොන්ජියක්, පැතලි බ්‍රෂ් එකක් හෝ පවුඩර් පෆ් එකක් භාවිතා කිරීම.

16. පවුඩර් යොදන විට හෙලවෙන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න. මුලින්ම ඔයාග්‍ර් නළලට, නහයේ පැත්තට හා නිකටට පවුඩර් යොදන්න. ඉන්පසු ඔයාගෙ කම්මුල්, කම්මුල්වල උඩට හා ඉතිරි ප්‍රදේශවලට පවුඩර් යොදන්න.

බ්ලෂර්

ගිඩක් අය බ්ලෂර් භාවිතා කළාට, බ්ලෂර් භාවිත කරන හරිම ක්‍රමය ගැන දන්නෙ නෑ. හරියටම බ්ලෂර් එක භාවිතා කිරීමෙන් ඔයාගෙ මුහුණේ වඩාත් ආකර්ෂණීය ලක්ෂණ පිටතට ගෙන ඒමට උපකාරී වෙනවා.

17. බ්ලෂර් එක තුනී ස්ථර කිහිපයකට යොදන්න. එවිට එය වැඩි වෙලාවක් පවතිනවා.

18. බ්ලෂර් තෝරාගැනීමේදී අනුගමනය කරන සරල නීති කිහිපයක් තියනවා. සුදුමැලි සම සඳහා ලා පාට කොරල්, ලා රෝස හෝ පීච් ශේඩ් එකකට යන එක වඩාත් සුදුසුයි. සුදුමැලි හෝ වඩිපුර තද පැහැයක් නැති සමට නම්, රෝස, ලිලැක් හෝ පීච් වර්ණ ගැලපෙනවා. තද පාට සමකට නම් රිච් ෆියුශියා, තද දුඹුරු හෝ මිදි වර්ණය සුදුසුයි.

19. බ්ලෂර් යොදන හොඳම ක්‍රමය තමයි හිනා විම. ඔයාගෙ කම්මුල්වල අස්ථියේ දිශාවව බුරුසුව ගෙනයමින් බ්ලෂර් යොදන්න.

20. වැඩිපුර බ්ලෂර් යෙදීමට වඩා අඩුවෙන් යොදන එක තමයි හැමවිටම සුදුසු වෙන්නෙ. ස්වාභාවික ආලෝකය යටතේ ඔයාව පෙනෙන්නේ කොහොමද කියලත් හැමවිටම පරීක්ෂා කරන්න.

බ්‍රොන්සර්

නිවැරදි බ්‍රොන්සර් එකක් මගින් ඔයාගෙ සමේ පාටට අලුත් පෙනුමක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගෙ නාසය හා කම්මුල් වගේ ඔයාගෙ මුහුණේ ලක්ෂණ පිටතට ගෙන ඒමටට්ග් උපකාරී වෙනවා.

21. සාමාන්‍යයෙන් බ්‍රොන්සර් එක ඔයාගෙ ස්වාභාවික සමේ වර්ණයට වඩා ශේඩ් එකක් හෝ දෙකක් අඳුරු වෙන්න ඕන. එමගින් සමට සමට කෘතිම පෙනුමක් ලබා දෙනවාට වඩා උණුසුම් පෙනුමක් ලබා දීමට උපකාරී වෙනවා.

22. කිසිම වෙලාවක මුළු මුහුණටම බ්‍රොන්සර් ආලේප කරන්න එපා. ඒ වෙනුවට, හිරු එළියට මුලින්ම හසුවන හා වඩාත් කැපී පෙනෙන මුහුණේ කොටස් මත විතරක් ආලේප කරන්න.

23. ඔයාගෙ බෙල්ලේ රේඛාව ගැනත් අවධානය යොමු කරන්න. මුහුණේ පාටට ගැලපෙන විදියටම බෙල්ලත් මේකප් කරගන්න ඕන.

24. ඔයාගෙ මුහුණේ ‘3’ අංකය අඳින විදියට බ්‍රොන්සර් ආලේප කරන්න. නිකටට ආලේප කරන්න කලින් ඔයාගෙ නළලට හා කම්මුල් වලට ආලේප කරගෙන ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *