ස්වාභාවිකම දත් කුහර පිරවීමට හා දත් දිරායාම සුව කළ හැකි සරල ක්‍රම 8

ඔයාගෙ ශරීරයේ වෙනත් ඕනෑම කොටසකට වගේ ම දත් වලටත් ඔයාගෙ අවධානය හා නිසි සැලකිල්ල අත්‍යාවශ්‍ය වෙනවා. ඉතින් ඔයා නිතර දන්ත වෛද්‍යවරයා හමුවෙන්න යන්න කැමති නැති කෙනෙක් නම්, දත් දිරා යාම වළක්වගන්න ඔයාට තනිවම උත්සාහ කරන්න පුලුවන්. විශිෂ්ට දන්ත සෞඛ්‍යාරක්ෂාව හා ආහාර වේලේ සරල වෙනස්කම් මගින් දත් දිරායාම වළක්වන්න පුළුවන් කියලයි දන්ත වෛද්‍යවරු කියන්නේ.

ඉතින් අද අපි ඔයාට කියන්න යන්නෙ දත් දිරායාම හා දත් කුහර වළක්වා ගැනීම සඳහා ඔයාට ගෙදරදිම කරන්න පුලුවන් සරල හා ස්වාභාවික උපක්‍රම කිහිපයක් ගැනයි.

01. ආහාර පුරුදු වෙනස් කරන්න.

ඔයාගෙ ඉලක්කය මොකක් වුණත් ඔයාගෙ ආහාර පුරුදු වෙනස් කරලා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට මාරු වෙන එක හැමවිටම ඔයාගෙ සෞඛ්‍යයට හිතකරයි. සෞඛ්‍යමත් ආහාර වේලක් මගින් දත් දිරායාම අවම කළහැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. සීනි බහුල නිෂ්පාදන පරිභෝජනය දත් දිරායාමට හේතු වන බවත් ෆයිටික් අම්ලයට කැල්සියම් අවශෝෂණය අවහිර කළ හැකි බවත් අපි දැනටමත් දන්නවා. කොහොම වුණත්, ඔයා ඔයාගෙ ආහාර පුරුදු වෙනස් කරනවා නම්, කොසිම වෙලාවක ඔයාට මේ වගේ දත් ආශ්‍රිත ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙන්නෙ නෑ. වැඩිපුර කැල්සියම් ලබා ගැනීමෙන් ඔයාගෙ අස්ථි හා දත් ශක්තිමත්ව තියාගන්න පුලුවන්. හැම දිනකම කිරි, යෝගට් සහ චීස් වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගන්න. පැණිරස කළ පාන වර්ග බොන්න එපා. සෝඩා, යුෂ සහ පැණි බීම බීමෙන් වළකින්න. ඒ වෙනුවය ජලය, පළතුරු බීම හා රස වෙනස් නොකළ තේ පානය කරන්න. ජලය වැඩිපුර පානය කිරීම මගින් ශරීරයට වාසි රැසක් අත් කරගන්න පුලුවන්.

02. සීනි රහිත ගම් (sugarless gum) හපන්න.

සීනි රහිත ගම් හපන විට දත් දිරායාම වළක්වා ගන්න පුලුවන්. ගොඩක් සීනි රහිත ගම් වල ස්වාභාවික රසකාරකයක් වන xylitol අඩංගු වෙනවා. ආහාර වගේ නෙවෙයි, සයිලිටෝල් ඔයාගෙ මුඛයේ බැක්ටීරියා වර්ධනය වීමට හේතු වෙන්නෙ නෑ. ඔයා මේවා හපන විට, ඔයාගෙ මුඛය ස්වභාවිකවම ආහාර කොටස් ඉවත්කල හැකි ලවණ වලින් පිරෙනවා.

03. දත් බුරුසුව නිතිපතා පිරිසිදු කරන්න.

අපේ දත් පිරිසිදු කරන්න අප පාවිච්චි කරන වැදගත්ම මෙවලම තමයි දත් බුරුසුව කියන්නෙ. කොහොම වුණත්, නිවැරදි දත් බුරුසුව තෝරා ගැනීම කොච්චර වැදගත් ද කියලා ගොඩක් අය දන්නෙ නෑ. හැම විටම කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ බුරුසුවක් තෝරගන්න. ආහාර ගත්තට පසු ආහාර කොටස් රැඳෙන දත්වල කුහර වලට බුරුසුවට වෙන්න පුලුවන් ද කියලා බලන්න. ඔයාගෙ දත් බුරුසුව සඳහා ආවරණ භාවිතා කරන්න එපා. මොකද ඒවාට ක්ෂුද්‍ර ජීවීන් හා බැක්ටීරියා රඳවා තබා ගන්න පුලුවන්. ඒ වෙනුවට, පාවිච්චියෙන් පසු ඔයාගෙ දත් බුරුසුව වතුරෙන් සෝදා, වියළීමට වාතයට තබන්න. බැක්ටීරියා ඇතිවිය හැකි නිසා ඔයාගෙ බුරුසුව වැසිකිළියේ හෝ එකම කාමරයේ හෝ තියන්න එපා. නිතිපතා දත් බුරුසුව මාරු කරන්න.

04. මූලික දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරන්න.

මේක හරිම හුරුපුරුදු උපදෙසක් වුණත් ගොඩක් වදගත් දෙයක්. ජාත්‍යන්තර දන්ත සෞඛ්‍ය සංගමයට අනුව, වැඩිහිටියන්ගෙන් 42% ක් විතරයි මුඛ සෞඛ්‍ය සඳහා දත් බුරුසුවක් පාවිච්චි කරන්නෙ. සමහර විට අපේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර වැරදියි කියලා අපට තේරෙන්නෙ නෑ. දත් දිරා යාමෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම්, උදේ හා නින්දට යාමට පෙර ඔයාගෙ දන්ත වෛද්‍ය ප්‍රතිකාරවලට පහත සඳහන් පියවර අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

අවම වශයෙන් දවසට දෙවරක්වත් විනාඩි 2 ක් දත් මදින්න. දත් වල මතුපිට හොඳින් මැදීමට උත්සාහ කරන්න.
සමහර විට දත් මැදීම මගින් ඉවත් නොවන විදුරුමස් යටින් ඉතිරිව ඇති ආහාර ඉවතට ගැනීමට ෆ්ලෝස් භාවිතා කරන්න. එහි සිරවී ඇති විෂබීජ ඉවත් කිරීමටත් වගබලා ගන්න. මවුත් වොෂ් භාවිත කරන්න. ඕනෑම මවුත් වොෂ් එකක ප්‍රතිබැක්ටීරීය බලපෑමක් ඇති අතර ඔයාගෙ මුඛයේ ඉතිරිව ඇති ඕනෑම බැක්ටීරියාවක් ඉවත් කිරීමට එය උපකාරී වෙනවා. ඔයාගෙ මුඛය වතුරෙන් සේදීමෙන් වළකින්න.

05. නිතිපතා දත් පිරිසිදු කිරීම සඳහා ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්න.

නිතිපතා දන්ත වෛද්‍යවරයා හමුවෙන්න ඔයාට වෙලාවක් නෑ කියලා අපි දන්නවා. ඒට්ග් ගැටලුවකට ප්‍රතිකාර කිරීමට වඩා ඒක වළක්වා ගැනීම හැමවිටම හොඳයි. ඔයා කොච්චර හොඳට හොඳින් දත් මැද්දත් ඔයාට තනියම පිරිසිදු කරන්න අපහසු ප්‍රදේශත් තියනවා.

දන්ත වෛද්‍යවරයකු ඔයාගෙ දත්වල පිටුපස හා ඉදිරිපස ඇති විදුරුමස් රේඛාව අසල පිරිසිදු කර මැලියම් හා ටාටාර් ඉවත් කරනවා. නිතිපතා පිරිසිදු කිරීම කුහර වලට එරෙහි සටනේ ගොඩක් වැදගත් පියවරක්. ගොඩක් අය කියන්නෙ එයාලා පිරිසිදු කිරීමෙන් පස්සෙ දත්වල සුන්දර හා සුමට බවක් අත්විඳිනවා කියලයි. ඒ නිසා අඩුම තරමෙන් අවුරුද්දකට එක සැරයක් හෝ දෙසැරයක්වත් දන්ත වෛද්‍යවරයා හමු වීමට වග බලා ගන්න.

06. ආහාර වේලට අතිරේක පෝෂක හා විටමින් එකතු කරගන්න.

ඔයාගෙ ආහාර වේලෙන් පැණිරස ආහාර ඉවත් කිරීම ගැන අපි දැනටමත් ඔයාව දැනුවත් කලා. ඒ වගේම ඔයාගෙ දත්වල යහපත් සෞඛ්‍යයක් ඇති කිරීම සඳහා විටමින් අත්‍යවශ්‍ය වෙනවා.

ලවණතාව වැඩි කිරීමට නම් පලතුරු, ඇට වර්ග සහ එළවළු වැනි තන්තු වලින් පොහොසත් ආහාර පරිභෝජනය කරන්න ඕන. විටමින් බී හා යකඩ අඩංගු ධාන්‍ය වර්ග ද ආහාරයට එකතු කර ගැනීම ගොඩක් වැදගත්. ඒවායේ තියන මැග්නීසියම් මගින් කැල්සියම් අවශෝෂණය කරලා දත් ශක්තිමත් කරනවා. සැමන්, සාඩින්, ටූනා ආදියෙහි වැඩිපුර විටමින් ඩී අඩංගු නිසා නිතර මුහුදු ආහාර ආහාරයට ගන්න.

07. පොල්තෙල් වලින් දත් මදින්න

දත්වල තියන බැක්ටීරියා පිටතට තල්ලු කිරීමේ හැකියාවක් පොල්තෙල්වලට තියනවා. එමගින් දත් දිරායාම වළක්වනවා. පොල්තෙල් තේ හැන්දක් විනාඩි විස්සක් විතර ඔයාගෙ කට තුළ තියාගෙන ඉන්න. තෙල්වල පාට කිරි සුදු පැහැයක් දක්වා වෙනස් වනතෙක් එහෙම කරන්න. මෙය ගිලින්න එපා. සරල වුණාට හරිම ඵලදායී ක්‍රමයක් තමයි මේ.

08. දන්තාලේපයක් සාදාගන්න.

මේ සරල දත් බෙහෙත හදන්න ඔයාට ඕන වෙන්නෙ ඉතා අඩු ස්වාභාවික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් විතරයි. ඒ වගේම මේක ඔයාගෙ සෞඛ්‍යයට පොඩ්ඩක්වත් හානිකර නෑ.

අවශ්‍ය වෙන්නේ :

කැල්සියම් පවුඩර් තේ හැඳි 4 ක්
ස්ටේවියා තේ හැඳි 1 ක්
මුහුදු ලුණු තේ හැඳි 1 ක්
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්
පොල්තෙල් කෝප්ප කාලක්

කැටි නැතිවන තෙක් සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. ඔයාගෙ දිනපතා දන්තාලේපය වෙනුවට මේක පාවිච්චි කරන්න. ෆ්ලෝරයිඩ් නැති වීම නිසා මේ දන්‍තාලේපය දින 30කට වඩා එකදිගට භාවිත කරන්න එපා.

2 Comments on “ස්වාභාවිකම දත් කුහර පිරවීමට හා දත් දිරායාම සුව කළ හැකි සරල ක්‍රම 8”

  1. හොද දේ ලබා දිමට කටයුුුතු කිරිම ගැන ස්තුතියි.

  2. වටිනා ලිපි පෙලක් පල කලාට ස්තුතියි!
    තවත් මෙවන් වටිනා ලිපි පල කරන මෙන් ඉල්ලා සිටිමි……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *