සෑම කාන්තාවක්ම උත්සාහ කළ යුතු ඇඳුම් උපක්‍රම 10 ක්

අපේ ඇඳුම්වල සමහර අඩුපාඩු අපේ ලස්සන පෙනුමට බාධා ඇති කරනවා. ඔයා කැමතිම ජීන්ස් එකේ ඉණ ගොඩක් ලොකු වෙන්න පුලුවන්. නැත්නම් ඔයාගෙ ස්වෙටර් එකේ ලොම් අතරේ දූවිලි හිර වෙලා ඒකට අපිරිසිදු පෙනුමක් ලැබිලා තියෙන්න පුලුවන්. ජැකට් එකේ සිප් එක දානකොට ඒක මගදි හිරවෙන්න පුලුවන්. මේ වගේ ගැටලු ඔයා විසඳගන්නෙ කොහොමද?

මේ වගේ ඇඳුම් සම්බන්ධ ජනප්‍රිය ගැටලුවලට විසඳුම් හොයන්න ඔයාට උදව් කරන්න අපි හිතුවා. ඉතින් එදිනෙදා ජීවිතයේදී ඇඳුම් ගැන ඔයාට ඇතිවෙන ප්‍රශ්නවලට පිළිතුරු කිහිපයක් අපි අරගෙන ආවා.

10. විවෘත උරහිස විවෘත ඇඳුම් අඳිනකොට, ඔයාගෙ ස්ටික්-ඔන් බ්‍රා එක එක නොපෙනීමට එය ක්ලිප් නොකර සිරස් අතට දමන්න.
09. ජීන්ස් තෝරා ගැනීමේදී, පසුපස සාක්කුවලට අවධානය යොමු කරන්න. ඒවා මැදට සමීප වන තරමට ඔයාගෙ තට්ටම් වටකුරු ලෙස පෙනේවි.
08. ඔයාගෙ යට ඇඳුම් ගොඩක් තදයි නම්, එමගින් ඔයාගෙ ඇඳුම මෆින් ටොප් එකක් වගේ වෙනවා. මෙය වළක්වා ගැනීමට, ප්‍රමාණයෙන් ටිකක් විශාල යට ඇඳුමක් අඳින්න.
07. ඉනෙන් ගොඩක් ලොකු ජීන්ස් කලිසමක් අඳිනකොට, පිටුපස බෙල්ට් එකට ඉලාස්ටික් කැබැල්ලක් තබා මහගන්න.
06. ඔයාගෙ සපත්තුවල පෙනුම වෙනස් කිරීමට පිටතින් ලස්සන රෙදි වර්ගයක් යොදන්න.
05. සිපර් එකක් හිර වී ඇත්නම්, එය නැවත චලනය වන පරිදි සිපර් එකේ සබන් කැබැල්ලක් අතුල්ලන්න.
04. පටි සහිත ඇඳුම් ගබඩා කරනකොට මේ වගේ ටවල් හුක් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාට අල්මාරියේ ඉඩ ගොඩක් ඉතිරි කරගන්න පුලුවන්. ඒ වගේම ඇඳුම් පොඩි වෙන්නෙත් නෑ
03. ඇඳුම් වලින් තීන්ත පැල්ලමක් ඉවත් කිරීම සඳහා, එය ඇල්කොහොල් පොඟවා, දත් බුරුසුවකින් අතුල්ලන්න. ඉන්පසු සුපුරුදු පරිදි රෙදි සෝදන යන්ත්‍රයට දමා සෝදා ගන්න.
02. ස්වෙටර් එකකින් බූල් සහ එහි ඇළුණු දූවිලි ඉවත් කිරීමට පූමිස් ගල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.
01. ඇවිදිනකොට ඔයාගෙ කොට කලිසම ඉහළට ඇදෙනවා නම්, ෆෙල්ට් කෑල්ලක් කපා ඇතුළත සිට කොට කලිසමට මහගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *