සිරුර පිරිසිදු කරගන්න දිනපතා මේ ආහාර 10 අනුභව කරන්න

කාර්යබහුල ජීවන රටාවත් එක්ක නාගරික ප්‍රදේශවල ජීවත් වෙන අය වැඩියෙන් ක්ෂණික ආහාරවලට පුරුදු වෙනවා. ක්ෂණික ආහාර වගේම පිටතින් මිලට ගන්න ආහාර වුණත් අපේ සෞඛ්‍යයට එතරම් හොඳ දේවල් නම් නෙවෙයි. ඒත් දැන් නම් මේ තත්වය ටිකක් වෙනස් වෙලා තියනවා. එලියෙන් කන්න ගොඩක් අය බයයි. ඒ නිසා තමන්ගේ කෑම ගෙදරදිම හදාගන්න දැන් ලෝකෙම මිනිස්සු වැඩියෙන් යොමු වෙනවා.

අපි දිනපතා ආහාරයට ගන්න සමහර ආහාරවල අපි හිතනවාටහ් වඩා සෞඛ්‍යයට හිතකර දීවල් අඩංගු වෙනවා. අද අපි ඔයාට කියන්නෙ මේ විදියට සිරුරේ විෂබීජ ඉවත් කරලා සිරුර පිරිසිදු කරන ආහාර වර්ග 10 ක් ගැනයි.

01. බීට්රූට්


බීට්රූට් වල යකඩ, කැල්සියම් හා බෙටායින් කියන ප්‍රතිඔක්සිකාරකය තියනවා. බීට් රූට් ලස්සන පාට වෙල තියෙන්නෙත් මේ බෙටායින් නිසයි. සෛල ආකෘතිය සංවර්ධනය වෙන්නත් අක්මාවේ සෛල අලුත්වැඩියා කිරීම හා පුනර්ජනනය කිරීමටත් මේ බෙටායින් වලට පුලුවන්.

බීට් තම්බලා, වෑංජනයක් හදලා හෝ ස්ටීම් කරලා වුණත් කන්න පුලුවන්. බීට් අමුවෙන් සලාද හදන්නත් ගන්නවා. ඒ වගේම බීට්වලින් හදන බීම එකත් මේ වෙනකොට ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි.

02. ලූණු හා සුදු ලූණු


ලූණු හා සුදු ලූණු වල තියන ෆ්ලේවනොයිඩ් මගින් අක්මාවේ තියන ග්ලූටොතයොන් හදන්න උදව් වෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ තියන විෂ නැති කරන්න අවශ්‍ය එන්සයිම හදන්නෙ අක්මාවෙන්. ෆ්ලේවනොයිඩ් මගින් එන්සයිම හදන ක්‍රියාවලියත් ඉක්මන් කරනවා.

විෂබීජහරණය කරන්න හදන ඕන කෑම වර්ගයක ලූණු හා සුදු ලූණු කියන දෙකම අඩංගුයි. බැදපු හෝ අමු සුදු ලූණු මගින් සැලඩ් එකකට එකතු කලාම ගොඩක් රසයි. ඒ වගේම සුදු ලූණු බැදලා ගෙදරදි රසවත් කෑම හදන්න පුලුවන්.

03. පලා වර්ග


තද කොළ පාට පලා වර්ග ආහාරයට ගැනීමෙන් විෂබීජ අක්‍රිය කරන්නත් සිරුරේ තැන්පත් වී තිබෙන බැර ලෝහ ඉවත් කරන්නත් උදව් වෙනවා.

පලාවර්ග හැමදාම එකම විදියට කන්න ඕන නෑ. අලුත් අලුත් ක්‍රම අත් හදා බලන්න.

04. ලෙමන් යුෂ


ලෙමන් ඇතුළු හැම පැඟිරි පලතුරකම විටමින් සී වගේම ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේ මගින් විෂ වර්ග ජලය සමග දිය කර ඒවා මලපහ සමග පිට කරන්න අක්මාවට උදව් කරනවා.

උදේට අවදි වූ පසු මද රස්නෙ වතුරට දෙහි හෝ ලෙමන් යුෂ ටිකක් එකතු කරලා ඒකටම ලුණු, මී පැණි හා ගම්මිරිස් ස්වල්පයක් එකතු කරලා බීමෙන් ශරීරයේ විෂබීජහරණ ක්‍රියාවලිය හා පරිවෘත්තිය ක්‍රියා වැඩි දියුණු වෙනවා. ශක්තිය වැඩි වෙනවා වගේම සම පැහැපත් වෙනවා.

05. ඇට වර්ග(නට්ස් වර්ග)


ඔයා නිතර ස්නැක් වර්ග කන්න කැමති නම් ගෙදරම මේ වගේ ඇට වර්ග ටිකක් තියාගන්න. කජු, රටකජු, වොල්නට්, ආමන්ඩ් වගේ ඇට වර්ග අපේ ශරීරයට ගොඩක් පෝෂ්‍යදායකයි.

•ආමන්ඩ් මගින් අක්මාව අවට මේද තට්ටුව දිය වෙන්න උදව් වෙනවා.
•වොල්නට් මගින් අක්මාවේ ඇමෝනියා ඉවත් කරලා විෂබීජහරණයට උදව් වෙනවා. ඒ වගේම මොළයේ ක්‍රියා වලටත් ගුණදායක වෙනවා.
•සූරියකාන්ත ඇටවල මැග්නීසියම් තියන නිසා රුධිර පීඩනය සාමාන්‍ය කරනවා. හෘද ස්පන්දනය ස්ථාවර මට්ටමක තියාගන්න උදව් වෙනවා.

06. යෝගට්


යෝගට් වල තියන ප්‍රෝබයෝටික් මගින් සිරුරේ අන්ත්‍රවල තියන අහිතකර බැක්ටීරියා පෝෂණය කරන අතර ඒවාට හිතකර පරිසරයක් ඇති කරනවා. ස්නායු පද්ධතියේ සංවේදීතාව වැඩි කරනවා.

වඩාත් හොඳ වෙන්නෙ සාමාන්‍ය යෝගට් ආහාරයට ගැනීමයි. මේද රහිත යෝගට්වල වැඩිපුර සීනි අඩංගුයි.

07. ඩැන්ඩලියන් තේ හා හරිත තේ


ඩැන්ඩලියන් තේ වලට ඔයාගෙ රුධිරයේ විෂ ඉවත් කරන්න පුලුවන්. කළු තේ වලට වඩා හරිත තේ සෞඛ්‍යාරක්ෂිතයි. හරිත තේවල තියන ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් ගොඩක් වැඩියි. හරිත තේවල තියන කැෆේන් මගින් ලැබෙන ශක්තිය වැඩි වේලාවක් පවතිනවා. බඩ පුරවා දැමීම අඩු කරනවා.

08. ඉඟුරු


බඩවැල් හොඳින් ක්‍රියා කරන්න හා ඒවාගේ තියන විෂ ඉවත් කරන්න ඉඟුරු උදව් වෙනවා. ඒ වගේම බඩ පිපීම අඩු කරනවා. බඩේ පරපෝෂිතයන් මිය යාම නිසා එන ඔක්කාරයට ඉඟුරු හොඳ බෙහෙතක්. ඉඟුරු මගින් ආමාශයේ අම්ල නිපදවීම වැඩි කරලා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියත් නිරෝගී කරනවා.

09. කැරට්


ග්ලූටොතයොන් බහුල එලවලුවක් වන කැරට් කියන්නෙ හොඳ විෂබීජනාශක එලවලුවක්. කැරට්වල බීටා කැරොටින් හා විටමින් ඒ තියනවා. හෘද වාහිනී වල ක්‍රියාවලිය හා සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නත් කැරට් උදව් වෙනවා.

10. පිපිඤ්ඤා


ජීර්ණ අන්ත්‍රවලට උදව් කරන අතරම ආමාශය පිරිසිදු කරන්නත් පිපිඤ්ඤා වලට පුලුවන්. අපේ ශරීරයේ ජල මට්ටම පවත්වා ගන්න වගේම මුත්‍රා ඔස්සේ ආමාශයේ හා රුධිරයේ තියන විෂබීජ ඉවත් කරන්නත් පිපිඤ්ඤා උදව් වෙනවා.

මත්පැන් පානය කළ දවසකට පසුව හෝ වැඩිපුර ලුණු ආහාරයට ගන්නා ලද දවසකට පසුව පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගැනීමෙන් හොඳ සහනයක් දැනෙනවා.

One Comment on “සිරුර පිරිසිදු කරගන්න දිනපතා මේ ආහාර 10 අනුභව කරන්න”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *