ශරීරය සිහින්ව තබාගැනීමට ජපන් කාන්තාවන් අනුගමනය කරන ආහාර රටා 6 ක්


ලෝකයේ සිටින ඉතාම රූමත් වගේම සෞඛ්‍ය සම්පන්න පිරිසක් තමයි ජපන් කාන්තාවන් කියන්නේ. වයස අවුරුදු 30 ක් වෙනකොටත් එයාලට තියෙන්නෙ අවුරුදු 18 පෙනුමක්. ඒ තරම් තරුණ පෙනුමක් එයාලට තියනවා. ඒ විතරක් නෙවෙයි මේ අය දිගු ආයු කාලයක්ද අත්විදිනවා.

ඒ නිසා අපි ජපන් කාන්තාවන්ගේ සුන්දරත්වයේ හා සෞඛ්‍ය සම්පන්න බවේ රහස වන ඔවුන් ගේ ආහාර රටාව හා ජීවන විලාශය මොන වගේද කියලා හොයලා බැලුවා. ඒ ගැන තමයි අද අපි ඔයාට විස්තර කියන්න යන්නෙ.

01. පොහොසත් හා සමබර ආහාර වේලක්
© ar.jal


ජපන් අය කන්නේ සුෂී විතරයි කියලා සමාජය තුළ මතයක් තියෙනවා. ඒකනම් සම්පූර්ණයෙන්ම බොරු කතාවක්. ජපන් අයගෙ ආහාර වේලක් කියන්නෙ ගොඩාක් විවිධත්වයෙන් පිරුණු එකක්. එයාලා මාළු, මුහුදු පැළෑටි, එළවලු, සෝයා, සහල් හා ග්‍රීන් ටී වලට වැඩිපුර කැමතියි. ජපන් ආහාර වේලක් කියන්නෙ විවිධත්වයෙන් පිරුණු සමබර ආහාර වේලක්. එයාලා තමන්ගෙ ආහාර වේල සදහා කැලරි අධික ආහාරත් වෙළඳ පොලේ තියන විසිතුරු කෑමත් එකතු කර ගන්නේ නෑ.

ඒ වගේම එයාලා ආහාර ගැනීමේදී නැවුම්ව හා ඒ වෙනකොට එයාලා ගත කරන ඍතුවටත් ගැලපෙන විදියේ ආහාර වර්ග ගැනීමට සැළකිලිමත් වෙනවා. කාලගුණික දේශගුණික තත්වයන්ට ගැලපෙන ආකාරයේ ආහාර ගැනීමටත් ජපන් ජාතිකයන් විශේෂ කැමැත්තක් දක්වනවා. ශීත ඍතුවේදී සාම්ප්‍රදායිකව මස්, මාළු, උණුසුම් බීම වර්ග හා සුප් වර්ග ආහාරයට ගැනීමට කැමති අතර ගිම්හාන කාලයේදී ශීත කළ සුප් වර්ග, මුහුදු ආහාර, ශීත කළ රාමන් හා සලාද වලට කැමැත්තක් දක්වනවා.

02. ආහාර පිස ගන්නා ක්‍රමවේදය


ජපන් ජාතිකයින් ආහාර පිසින විට සාම්ප්‍රදායිකව විශේෂ බඳුනක අවම තෙල් ප්‍රමාණයක් භාවිතයෙන් ස්ටු දැමීම, ග්‍රිල් කිරීම, තැම්බීම හෝ ෆ්‍රයි කිරීම සිදු කරනවා. එලවළු පෙති කපා තැම්බීම හා පිලියෙල කරන නිසා ඒවායේ පෝෂ්‍ය කොටස් ආරක්ෂා වෙනවා.

‌වෙජිටබල් බ්‍රොත් හෙවත් එළවලු තම්බා, පොඩිකර, පෙරා ගත් සාරය කියන්නේ ජපන් ජාතිකයන් හැම ප්‍රධාන ආහාර වේලකටම කලින් ගන්නා ආහාරයක්. ජපන් කාන්තාවන් ආහාර පිසීමෙදී කුලු බඩු භාවිතා කරන්නේ ඉතා පරිස්සමින්. එයාලා නිතරම උත්සහා කරන්නේ ආමාශය, අක්මාව හා වකුගඩු මත වැඩි බරක් යෙදෙන්නෙ නැති වෙන ආකාරයට තම ආහාරය පිස ගැනීමටයි. ජපන් ආහාර පිසීමේ ශාස්ත්‍රයේ ප්‍රධානම දේ තමයි ස්වභාවික සුන්දරත්වය, වර්ණය හා රසය උද්දීපනය කිරීම.

03. ආහාර අනුභව කිරීමේ ක්‍රම


ජපානයේ අහාර අනුභවය කියන්නෙ වෙනම චාරිත්‍ර අඩංගු සංස්කෘතික අංගයක්. එයාලා කුඩා පිඟන් වලින් හරිම හෙමින් ක්‍රමානූකූලව ආහාර අනුභව කරනවා. ජපන් ජාතිකයින් ආහාර වල ස්වභාවික රසය හා පෙනුම රැක ගන්නත් ගොඩක් උත්සාහ කරනවා. ඒ නිසා එයාලා පිසගත් ආහාර වලට සැරසිලි දමා අලංකාර කරන්නෙ නෑ. එයාලගෙ කෑම මේසය මත එකම පිඟානක කෑම වර්ග දෙකක් තියන්නෙත් නෑ. ඒ ඒ ආහාරයට වෙන වෙනම තැනක් කෑම මේසය මත තියනවා. ඒ වගේම ජපන් ජාතිකයන් පිඟාන උතුරා යන තරමට ආහාර බෙදාගන්නෙත් නෑ.

04. පාන් වගේ ආහාර වර්ග වෙනුවට බත් ආහාරයට ගැනීම


ලුණු හෝ බටර් නොමැතිව පිසූ ආහාරයක් ජපානයේ හැම කෑම වේලකම ප්‍රධාන අංගයක් වෙනවා. නොයෙකුත් විසිතුරු ආහාර වර්ග ජපන් කාන්තාවන් තමන්ගෙ ආහාර වේලට එකතු කරගන්නෙ නැති නිසා එයාලා ඉතා සිහින් හා සුන්දර සිරුරකට හිමිකම් කියනවා.

05. දවසේ ප්‍රධානම ආහාර වේල උදේ ආහාරයයි.


උදෑසන ආහාරය තමයි ජපන් ජාතිකයන්ගේ දවසේ ප්‍රධානතම ආහාර වේල වෙන්නේ.. ඒනිසා එයාලා ඒ පිලිබදව විශේෂ සැලකිල්ලක් දක්වනවා. එයාලා තමන්ගෙ උදෑසන ආහාරයට සාමාන්‍යයෙන් මාළු, බත්, ඔම්ලට්, මුහුදු පැලෑටි, සෝයා බෝංචි, සුප් වර්ග හා තේ එකතු කර ගන්නවා.

0‌6. පැණි රසැති අතුරුපස වලට යොමු නොවෙයි.


ජපන් ජාතිකයන් ප්‍රධාන ආහාර වේලකින් පසුව අතුරුපසක් ආහාරයට ගන්නෙ නෑ. අතුරුපසක් ගත්තත් ඒ ගොඩක් කුඩා ප්‍රමාණයක් විතරයි. ජපන් ජාතිකයන්ට පැණි රස ගැන තියෙන්නෙ අපට වඩා ගොඩක් වෙනස් ආකල්පයක්. බටර් ක්‍රීම් හෝ කේක් ජපානයේ නැති තරම්. ජපානයේ තියෙන්නෙ සහල් වලින් සාදන ලද අයිස් ක්‍රීම් හෙවත් මෝචි ය. ජපානයේ තියන අතුරුපස බටහිර රටවල් වල වගේ නෙවෙයි, ඒවා අඩු සීනි හා අඩු මේද ඒවායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *