සෞඛ්‍ය සම්පන්න නොවන විදුරුමස්වලට හොඳම විසඳුම් 6 ක්

නිරෝගී පරිපූර්ණ දත් කාටවත් ලැබෙන්නෙ නෑ. හැමෝටම දත්වල ප්‍රශ්න තියනවා. යුරෝපයේ හා ඇමරිකාවේ ළමුන්ගෙන් 20% -90% අතර ප්‍රමාණයකට වයස අවුරුදු 6 වෙනකොටම විට දත් දිරායාමේ අවදානමක් තියනවා. කාලයත් එක්ක අපේ දත් හා විදුරුමස් වලට හැදෙන්න පුලුවන් රෝග සංඛ්‍යාව වැඩි වැඩි වෙනවා විතරයි. ඒවා වළක්වා ගැනීමට ඔයාට කරන්න පුලුවන් දේවල් ගැන තමයි අද අපි ඔයාව දැනුවත් කරන්නෙ.

පරිපූර්ණ සිනහවක් කියන්නෙ පුද්ගලයෙක්ගෙ මුහුණේ වදගත්ම අංගයක්. අපි කෙනෙක් දිහා ඉස්සෙලම බලනකොට එයාගෙ හිනාවට අපේ වැඩි අවධානයක් යොමු වෙනවා. මේ නිසා තමයි අපි අපේ දරුවන්ට දත් රැකබලා ගැනීමට උගන්වන්නේ. ඒත් අපි වයසින් වැඩෙනකොට, දත් හා විදුරුමස් සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගන්න එක අපිට අතපසු වෙනවා.

ප්‍රීතිමත් හා සෞඛ්‍ය සම්පන්න සිනහවක් ඇති කර ගැනීම ඔයාට කරන්න තියෙන්නෙ හරිම සරල දේවල් කිහිපයක් විතරයි.

සෞඛ්‍ය සම්පන්න නොවන විදුරුමස් හඳුනා ගන්නේ කොහොමද?

පහත සඳහන් කරුණු වලින් ඔයාගෙ විදුරුමස් වලට හානි වෙලා තියනවද හෝ ඔයාට තියෙන්නෙ සෞඛ්‍ය සම්පන්න නොවන විදුරුමස් ද කියලා ඔයාට දැනගන්න පුලුවන්.

  • දැවිල්ල
  • මෘදු මොළොක් බව
  • රතු වීම
  • ඉදිමීම
  • විදුරුමසින් ලේ ගැලීම

ඉහත සියල්ලම විදුරුමස් රෝගවල මුල් අවධිය වන විදුරුමස් රෝග ලක්ෂණ ලෙස හඳුනාගන්න පුලුවන්. ඒත් මේ වෙනස්කම් වලක්වා ගැනීමට හෝ ඒවා අඩු කරගැනීමට හැකියි.

01. කැල්සියම් වැඩිපුර ලබාගන්න

ගොඩක් රෝග ඇතිවෙන්න හේතුව තමයි අපේ ආහාර වේලේ තියන අඩුපාඩු. කැල්සියම් පරිභෝජනය වෙනස් වෙන එක අපේ විදුරුමස් වල තත්වයට කෙලින්ම බලපානවා. ඔයා ලබාගන්න කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීමට මේ ආහාර වර්ග ඔයාගෙ ආහාර වේලට එකතු කරගන්න පුලුවන්.

  • කිරි
  • ආමන්ඩ්
  • කේල්
  • සාර්ඩින්ස්
  • යෝගට්
  • බ්‍රොකොලි
  • වෝටර්ක්‍රෙස්
  • ඕක්‍රා
  • චීස්
02. දන්ත මෙවලම් නිතිපතා වෙනස් කරන්න.

ඔයාගෙ දත් බුරුසුවට හා මවුත් වොෂ් එකට කල් ඉකුත් වීමේ දිනයක් තියනවා. ඔයා ඒක අමතක කළොත්, ඔයාගෙ දත් බුරුසුව බැක්ටීරියා හා දිලීර බෝවන ස්ථානයක් වෙලා විදුරුමස්වලට හානි කරනවා. දන්ත මෙවලම්වල යෝජිත ජීවිත කාලය මේ විදියට වෙනස් වෙනවා.

  • දත් බුරුසුව- මාස 3-4
  • මවුත් වොෂ් – නිෂ්පාදිත දින සිට අවුරුදු 2-3
  • දන්තාලේප – නිෂ්පාදනයේ සිට අවුරුදු 2
  • ෆ්ලෝස් – කල් ඉකුත්වීමේ දිනයක් නැතත් අවුරුද්දකට පසු රසය නැතිවෙනවා.
  • දිව මදින බුරුසුව හා ක්ලෙන්සර් – මාස 2
03. දන්ත වෛද්‍යවරයෙක් හමුවීම නොසලකා හරින්න එපා

ඔයාට නිරෝගී විදුරුමස් හා දත් අවශ්‍ය නම්, නිතිපතා දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා මුඛය පරීක්ෂා කරගන්න අමතක කරන්න එපා. ඔයා දන්ත වෛද්‍යවරයා හමුවෙන්න බය වුණත් ඔයාට උදව් කරන්න දන්ත වෛද්‍යවරයා ඉන්න බව මතක තියා ගන්න. විශේෂඥයෙක් හමුවිය යුතු වාර ගණන හා කාලය ගැන දැනගන්න.

  • සෑම මාස 6 කට වරක් – සාමාන්‍ය පරීක්ෂාවක් සඳහා
  • සෑම මාස 3-6 කට වරක් – වෘත්තීය දත් පිරිසිදු කිරීමක් සඳහා

දෛනික දන්ත වෛද්‍ය ප්‍රතිකාර:

හැම දිනකම අවම වශයෙන් විනාඩි 2 ක් වත් දත් මදින්න. ආහාර ගැනීමෙන් පසු ෆ්ලෝස් හෝ දන්තාලේපයක් භාවිතා කරන්න.

04. විදුරුමස් දියවීමට විසඳුමක් හොයාගන්න.

කාලයක් යනකොට අපෙන් සමහර අයට, වැරදි දන්ත වෛද්‍ය ප්‍රතිකාර හෝ දුම්පානය වගේ සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු නිසා විදුරුමස් දිය වෙන්න පටන් ගන්නවා. මේ ගැටළුව විසඳගන්න හොඳ පිළියම් කිහිපයක් මෙන්න.

  • විදුරුමස් සම්බාහනය කිරීමට පුරුදු වන්න. යුකැලිප්ටස් තෙල් 1-2 බිංදු හා වතුර මේස හැඳි 1-2 භාවිතා කරලා ඔයාගෙ විදුරුමස් මෘදු ලෙස අතුල්ලන්න.
  • දත් නිසි ලෙස පිරිසිදු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන කුඩා දත් බුරුසුවකට මාරු වෙන්න.
  • හැම උදෑසනකම ග්‍රීන් ටී කෝප්පයක් බොන්න. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් නිරෝගී විදුරුමස් පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
  • දන්තාලේපයක් හෝ මවුත් වොෂ් එකක් ලෙස කෝමාරිකා භාවිතා කරන්න ( කෝමාරිකා ජෙල් වතුරට දමා මවුත් වොෂ් එකක් හදාගන්න )
  • විෂබීජ නාශකයක් ලෙස ලෙමන් තෙල් භවිත කරන්න. වර්ජින් ඔලිව් තෙල් අවුන්සයකට ලෙමන් ගෙඩියකින් හතරෙන් එකක යුෂ මිශ්‍ර කරන්න. එය මවුත් වොෂ් එකක් ලෙස භාවිතා කරන්න.
05. තෙල් වලින් කට සොදන්න.

මේක ටිකක් එපා වෙන විසඳුමක් තමයි. ඒත් ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාගෙ මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීමට ප්‍රබල ක්‍රමයක්. වර්ජින් පොල්තෙල් මේස හැන්දක් ඔයාගෙ මුඛයට ගෙන විනාඩි 20 ක් මුඛය තුළ තියාගෙන හොඳින් මුඛය තුල එහාට මෙහාට කරන්න. ගිලින්න එපා. විනාඩි විස්සකට පසු හොඳින් දත් මදින්න.

06. යාරෝ භාවිතා කරන්න.

ගොඩක් වෙලාවට නොසලකා හරින යාරෝවල පුදුමාකාර ප්‍රතිබැක්ටීරීය ගුණ තියනවා. යාරෝ භාවිතා කරන්නෙ මෙහෙමයි,

  • යාරෝ එක් කොළයක් හෝ අත්තක් ගන්න.
  • එය පේස්ට් එකක් වෙනකන් අඹරන්න.
  • පේස්ට් එක ඔයාගෙ විදුරුමස් මත ආලේප කරලා මෘදු ලෙස සම්බාහනය කරන්න.
  • එය වතුරෙන් සෝදන්න.

ඔයාට යාරෝ තෙල් මිලදී ගැනීමට හෝ පොල්තෙල් වගේ වෙනත් ඕනෑම තෙල් වර්ගයක් පාවිච්චි කරලා මේ සම්බාහනය කරන්න පුලුවන්. නැත්නම් ඔයාට එය ශාකසාර තේ ලෙස පානය කරන්නත් පුලුවන්.

මේ උපදෙස් පිළිපැද්දොත් නම් ඔයාගෙ විදුරුමස් වල ප්‍රශ්න ගොඩකට හොඳම විසඳුම් ලබාගන්න පුලුවන් කියලා අපි විස්වාස කරනවා. මේ වගේ වෙනත් පිළියම් ඔයා දන්නවාද? ඔයාගෙ අදහස් අපට කියන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *