හැමදාම සුප් බීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරන ආකාර 7ක්

ඇමරිකානුවන් හැම අවුරුද්දකම සුප් බඳුන් බිලියන 10 කට වඩා ආහාරයට ගන්නවා. මේ උණුසුම් වගේම ගොඩාක් රසවත් ආහාරය, ඔයාගෙ ඇඟට වගේම මනසටත් අරුමපුදුම දේවල් කරන්න පුලුවන් සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිලා තියනවා. සුප් කියන්නෙ විවිධ ආකාරයෙන් ඔයාගෙ යහපැවැත්මට උදව් වෙන, ඉක්මනින් වගේම ලේසියෙන්ම හදාගන්න පුලුවන් ගොඩාක් සෞඛ්‍ය සම්පන්න ආහාරයක්.

අද අපි ඔයාට කියලා දෙන්නෙ අරුමපුදුම සුප් එකකින් අපිට ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද කියලයි.

01. ඔයාව උණුසුම් කරනවා.

ඔයාට සිසිල් බවක් දැනෙනකොට, සුප් බඳුනක් ආහාරයට ගන්නවා නම් ඒකට ඔයාව උණුසුම් කරන්න අරුම පුදුම හැකියාවක් තියනවා. හොඳින් පිසූ එළවළු හා කුළුබඩු එකතු කරලා හදපු උණුසුම් සුප් එකක් ආහාරයට ගැනීමෙන් ඔයාගෙ මූලික ශරීර උෂ්ණත්වය ඉහළ නැංවීමට හා ශරීරය ඇතුළේ ඉඳන් ඔයාව උණුසුම් කිරීමට උදව් වෙන බව පෝෂණවේදීන් කියනවා.

02. ශරීරය සජලීයව තියාගන්නවා.

සුප් මගින් ශරීරය සජලීව තබා ගැනීමට උපකාරී වෙනවා. සාමාන්‍යයෙන්, ශීත කාලෙදි, උණුසුම් ගිම්හාන දවස්වලට වඩා දහඩිය දානවනේ. අපගේ තරල ප්‍රමාණය නොසලකා හැරිය හැකිය. ඔබේ ශරීරයේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන ලුණු වලද ජලය අඩංගු වේ.

03. හොඳ ක්‍රීඩා පානයක්.

ක්‍රීඩා බීම මගින් ඔයාගෙ ශරීරයට කාබෝහයිඩ්‍රේට් හා ඉලෙක්ට්‍රෝටයිට් ලබාදෙනවා. ඒවායේ තියන ප්‍රධාන විද්‍යුත් විච්ඡේද්‍යය තමයි සෝඩියම් කියන්නෙ. ලුණු වල සෝඩියම් බහුලව අඩංගු වෙනවා. ඒ නිසා පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩා බීම වෙනුවට විකල්පයක් විදිහට සුප් ආහාරයට ගන්න පුලුවන්. සුප් දියර මගින් ශක්තිය හා ඉලෙක්ට්‍රෝටයිට් සපයන නිසා ව්‍යායාම කරන්න කලින් සුප් බොන එකත් ගොඩක් හොඳයි.

04. ළමයින්ට එළවළු කවන්න ලේසි ක්‍රමයක්.

නෙදර්ලන්තයේ කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ සති 7 ක් තිස්සේ නිවිති හා අනෙකුත් ඖෂධ පැළෑටි අඩංගු එළවළු සුප් ලබා දුන් කුඩා දරුවන් ඕනම වර්ගයක එළවළුවකට හුරු වුණු බවයි.

05. සීතලට හොඳ පිළියමක්.

අසනීපයක් නැතත් චිකන් සුප් මගින් රෝග ලක්ෂණ සමනය කරගන්න පුලුවන්. චිකන් සුප් වගේ උණුසුම් දියර ආහාරයට ගැනීමෙන් ශ්ලේෂ්මල ප්‍රවාහය වැඩි දියුණු වෙලා උගුර හිරවීම අඩු වෙනවා.

06. විටමින් වර්ග බහුලයි.

සුප් ආහාරයට ගැනීම මගින් ඔයාගෙ ආහාර වේලේ තියන පෝෂක කොටස් ඔක්කොම ශරීරයට පහසුවෙන් ලබාගන්න පුලුවන්. පෝෂණවේදීන් කියන්නෙ සුප් එකට කොළ, තැඹිලි හා රතු පාට එළවළු වැඩිපුර එකතු කරගන්න කියලයි. මොකද ඒ එළවළු වර්ගවල ශරීරයට විටමින් ඒ, සී හා කේ බහුලයි. ඒ වගේම පාස්ලි වගේ කොළ පාට බෙහෙත් පැළෑටිවල තියන යකඩ හා විටමින් සී නිසා ඔයාගෙ සුප් එක වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙනවා.

07. ඇඟේ බර පාලනය කරගන්නත් උදව් වෙනවා.

ඩයට් කරන කෙනෙක්ට බර ආහාර වෙනුවට ගන්න පුලුවන් හොඳම විකල්පයක් තමයි සුප් කියන්නෙ. සුප් ආහාරයට ගන්නෙ නැති අයත් එක්ක බලනකොට නිතිපතා සුප් ආහාරයට ගන්න අය තරබාරු වෙන්න තියන ඉඩ අඩු බව පර්යේෂණවලින් හොයාගෙන තියනවා. සුප් වල අඩු කැලරි ප්‍රමාණයක් තියන නිසා ඔයාගෙ ආහාර වේලට සුප් එකතු කර ගැනීමෙන් ඔයා දවසකට ආහාරයට ගන්න කැලරි ප්‍රමාණය අඩු කරගන්නත් උදව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *