හැමෝම වැරදියට කරන හෙයා ඩ්‍රයර් එක හරියට පාවිච්චි කරන ක්‍රමය

නෑවට පස්සෙ අපි ගොඩක් දෙනෙක් කොණ්ඩෙ වේලගන්න කරන දෙයක් තමයි බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරන එක. බ්ලෝ ඩ්‍රයර් එකෙන් කරන්නෙ කෘතිම හුළඟකින් අපේ කොණ්ඩෙ වියළන එකයි. මේක හරිම සරල ක්‍රමයක් වගේ පෙනුණට බ්ලෝ ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලද්දි දැනගෙන ඉන්න ඕන දේවල් ගොඩක් තියනවා. උදාහරණයක් විදියට බ්ලෝ ඩ්‍රයර් එක හා හිසකෙස් අතර දුර, උෂ්ණත්වය හා වායුව හමන දිශාව වගේ දේවල් ගැන අපි දැනගෙන උන්න ඕන

අද අපි ඔයාට කියලා දෙන්න යන්නෙ හරියටම බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරන්නෙ කොහොමද කියලයි. ලිපිය හොඳින් කියවලා තේරුම් ගත්තොත් බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරද්දි ඔයා අතින් වෙන වැරදි හදාගන්නත් ඔයාට පුලුවන්. බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරනකොට ඔයා අතිනුත් මේ වැරදි සිදුවෙනවද කියලා බලන්නකෝ.

01. උණුසුම් වාතය මගින් හිසකෙස් වියළීම

හිසකෙස් වියළන යන්ත්‍ර හැම එකකම සීතල වාතයෙන් හිසකෙස් වියළන්න පහසුකම හදලා දීලා තියනවා. ඒක නිෂ්පාදකයාගේ වැරැද්දක් නෙවෙයි. ඔයාගෙ කොණ්ඩ මෝස්තරය වැඩි වෙලාවක් රඳවා තබා ගන්න නම් සීතල වාතයෙන් හිසකෙස් වියළන්න. සිසිල් වාතය මගින් තෙතමනය වාෂ්ප වීමේ වේගය අඩු වෙනවා. එතකොට ඔයාගෙ කොණ්ඩෙ තියන ලස්සන කර්ල් ගතිය වැඩි වෙලාවක් රඳා පවතිනවා. ඒ වගේම පැලිලා තියන කෙස් අග පෙනෙන්නෙත් නෑ.

02. වැරදි වායු හමන දිශාවක් තෝරා ගැනීම

කොණ්ඩෙ වැවෙන දිශාවට, ඒ කියන්නෙ කෙස්වල මුලේ සිට අග දක්වා දමයි හිසකෙස් වියලාගන්න ඕන. එහෙම නොකළොත් කෙස්වල පැලුණු කොටස් තවදුරටත් පැලෙනවා. එමඟින් හිසකෙස් සිනිඳු වෙලා ගැටගැහෙනවා. ඔයා කොණ්ඩය මුල් සිට අග දක්වා වියළනකොට, කෙස්වල පැලුණු කොටස් එකට එකතු වෙලා කෙස්ගස් වලට ස්වභාවික දිලිසෙන බවක් ලබා දෙනවා.

03. බ්ලෝ ඩ්‍රයර් එක වැරදි ලෙස අල්ලා ගැනීම

ගොඩක් අය හිතන් ඉන්නෙ තමන්ට හුරු අතින් බ්ලෝ ඩ්‍රයර් එක අල්ලන එක තමයි හරි ක්‍රමය කියලා. ඒත් ඒක වැරදියි. ඒත් ඔයාට වැඩිපුරම හුරු අත පාවිච්චි කරලා තමයි, පනාව හොඳින් හසුරවන්න වගේ අනෙක් දේවල් කරන්න සිදුවෙන්නෙ. ඒ නිසා බ්ලෝ ඩ්‍රයර් එක හුරු නැති අතින් අල්ලන එක තමයි හරි ක්‍රමය.

04. හිසකෙස් පහළට පීරමින් වියළීම

කොණ්ඩෙ පහල පැත්තට පීරමින් වේලීම නිසා කෙස්වල ගණකම අඩු වෙනවා. එතකොට ඔයාගෙ කොණ්ඩෙට ලස්සන පෙනුමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා හොඳම දේ තමයි, අත උඩට ඔසවලා කෙස් උඩට පීරන ගමන් ඩ්‍රයර් එක පහලට අල්ලන්න. ඔයාගෙ කොණ්ඩය පනාවකින් අල්ලගෙන උණුසුම් වාත ධාරාව පනාවෙ කෙඳි වෙත යොමු කරන්න. එමගින් ඔයාට ලස්සන කොණ්ඩ මෝස්තරයක් ලබාගන්න පුලුවන්.

05. බ්ලෝ ඩ්‍රයර් එක ඔලුවට ගොඩක් ළඟින් තබා ගැනීම

මේක නම් එතරම් හොඳ දෙයක් නෙවෙයි. බ්ලෝ ඩ්‍රයර් එක කොණ්ඩෙට හෝ ඔලුවට ගොඩක් ලඟින් තියාගෙන කොණ්ඩෙ වියළනකොට හිසේ සමට වගේම ඔයාගෙ කෙස්වලටත් හානි වෙනවා. ඒ විතරක් නෙවෙයි, හිසේ සම පිළිස්සෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා ඔයාගෙ කොණ්ඩෙට අඟල් 12 ක දුරින් බ්ලෝ ඩ්‍රයර් එක අල්ලගන්න. ඔයාගෙ අත දිගහැරලා ඒ දුරින් ඩ්‍රයර් එක තියාගන්න එක තමයි ලේසිම දේ.

06. හිසකෙස් කොටස් වලට නොබෙදීම

ගොඩක් වෙලාවට අපි මුලු කොණ්ඩෙම එකපාරම වේලගන්න උත්සාහ කරනවනෙ. ඒත් ඊට වඩා පහසුවෙන් හා ඉක්මනින් කොණ්ඩෙ වේලගන්න නම් කොණ්ඩෙ කොටස් හතරකට හෝ පහකට වෙන් කරගෙන ඒ කොටස් වෙන වෙනම වියළගන්න. කොණ්ඩෙ කොටස් වලට බෙදලා ක්ලිප් වලින් රඳවගෙනම වේලන්න පටන් ගත්තොත් වැඩේ තවත් ලේසියි.

07. හිසකෙස් වැඩි කාලයක් තුවායෙන් ඔතාගෙන සිටීම

ඔයාගෙ කොණ්ඩෙ විනාඩි තිහකට වඩා තුවායෙන් ඔතාගෙන ඉන්න එපා. කපු තුවායක් නම් විනාඩි තිහකට වඩා ඉන්නම එපා. මොකද කපු රෙදි මගින් කෙස්වල ලිස්සනසුළු බවක් ඇති කරනවා. ඊට පස්සෙ ඔයා ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලනකොට කොණ්ඩෙට තවත් හානි වෙනවා. ඒ නිසා මයික්‍රෝ ෆයිබර් වලින් හදපු මෘදු තුවායක් තෝරගෙන විනාඩි 10 ක් විතර ඔයාගෙ කොණ්ඩෙ ඔතාගෙන ඉන්න. බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරන්න කලින් ගණකම් කොණ්ඩයක් නම් තෙත ගතියෙන් බාගයක්වත් වියලිලා තියෙන්න ඕන. සිහින් හෝ සාමාන්‍ය ප්‍රමාණයේ ගණකමක් තියන කොණ්ඩයකට නම් කොණ්ඩයෙන් 80% විතර වියලිලා තියෙන්න ඕන කියලා මතක තියාගන්න.

08. හිසකෙස් තාපයෙන් ආරක්ෂා කරන ආලේපන භාවිතා නොකිරීම

ඔයත් සතියකට එක වරකට වඩා කොණ්ඩෙ වියළන්න බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරනවාද? එහෙනම්, හිසකෙස් උණුසුම් වාතයට නිරාවරණය වුණාම සිදුවෙන හානිය අඩු කරගන්න තාප ආරක්ෂණ ආලේපනයක් පාවිච්චි කරන්න ඕන. මේ වගේ නිෂ්පාදන වෙළඳපොළේ මිලදීගන්න තියනවා. මේවා හිසකෙස් සෝදන අතරතුර හෝ සේදුවට පසුව පාවිච්චි කරන්නත් තියනවා. හිසකෙස් සෝදන අතරතුර ආලේප කරන්න තියන නිෂ්පාදන තමයි, තාප ප්‍රෝටීන ගුණ තියන ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ග. ඒ වගේම හිසකෙස් සේදීමෙන් පසුව තාපයෙන් ආරක්ෂා කිරීමට ස්ප්‍රේ වර්ග, ක්‍රීම් හා තෙල් වර්ග තියනවා.

ඔයාගෙ කොණ්ඩෙ තාපයෙන් ආරක්ෂා කරගන්න සුදුසු මොන වගේ නිෂ්පාදනයක්ද කියලා ඔයා තෝරගන්න ඕන. ඔයාට තියෙන්නෙ වියළි කෙස් නම් ඇල්කොහොල් අඩංගු නිෂ්පාදන තෝරගන්න එපා. ඒ වගේම ඔයාට තියෙන්නෙ තෙල් සහිත හෝ සාමාන්‍ය හිසකෙස් නම්, තෙල් වර්ග අඩංගු නිෂ්පාදන තෝරගන්නත් එපා.

09. පැතලි නොසල් එක භාවිතා නොකිරීම

බ්ලෝ ඩ්‍රයර් එකට එන පැතලි නොසල් එක මගින් හිසකෙස්වල යම් කොටසකට වායුව යොමු කරන්න උපකාරී වෙනවා. ඒ නිසා කෙස්වල ගැටගැසීම් හා බෙදීම් අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, හිසකෙස් අධිකව උනුසුම් වීමෙනුත් ආරක්ෂා වෙනවා. ඒ වගේම, ඔයා කෙස්වල මුල්වලට වායුව යොමු කලොත් එමගින් ඔයාගෙ කොණ්ඩයට අමතර පරිමාවක් ලබාගන්නත් පුලුවන්.

10. කොණ්ඩය වියලුණු සැණින් පිටතට යාම

කොන්ඩෙ වේලගත්තු ගමන් එළියට යන්න එපා. ටික වෙලාවක් ගේ ඇතුළට වෙලා ඉන්න. උෂ්ණත්වයේ ලොකු වෙනසක් වුණාම ඔයාගෙ හිසකෙස්වල පරිමාවට විතරක් නෙවෙයි, ඔයාගෙ හිසේ සමට හානි කරන්නත් බලපානවා.

11. වායුව පතුරවා හරින කොටසෙන් වියළීම ආරම්භ කිරීම

තෙත් කොණ්ඩෙ ගොඩක් දුර්වලයි. ඒ නිසා ඕනාවට වඩා වැඩි වේගෙකින් කොණ්ඩෙ වේලන්න ගියොත් කොණ්ඩෙට හානි වෙනවා එමගින් කෙස් අග පැලීමත් වැඩි වෙනවා. ඒ නිසා කොණ්ඩෙ වේලන්න පටන් ගන්නකොට සාමාන්‍ය නොසල් එක මගින් අඩු වේගයකින් හා සාමාන්‍ය උෂ්ණත්වයකින් වේලන්න පටන් ගන්න. ටික වේලාවකට පසුව වායුව පතුරුවා හරින කොටසෙන් වේලන්න පුලුවන්.

12. නොසල් වර්ග ගැන අවධානය යොමු නොකිරීම

බ්ලෝ ඩ්‍රයර් එකේ එක එක එක නොසල්, ලෝහ, පිඟන් මැටි හෝ ප්ලාස්ටික් වලින් හදලා තියනවා. ලෝහවලින් හදපු නොසල් මගින් ඔයාට කොණ්ඩ මෝස්තරය හරියටම හදාගන්න පුලුවන්. කොහොම වුණත්, ලෝහ වේගයෙන් රත් වෙන නිසා ඒවා මගින් කෙස්වලට හානි කරනවා ඒ නිසා විශේෂ අවස්ථාවලට විතරක් ලෝහ නොසල් එක පාවිච්චි කරන්න. එදිනෙදා වියළීම සඳහා ප්ලාස්ටික් හෝ පිඟන් මැටි වලින් හදපු නොසල් එකක් භාවිත කරන්න. ඒවා මගින් හිසකෙස් කැඩීම අඩු කරනවා. ඒ වගේම හිසකෙස් ඒකාකාරව උණුසුම් කරන්නත් උදව් වෙනවා.

13. වියළන යන්ත්‍රය පිරිසිදු නොකිරීම

ඔයා කවදහරි බ්ලෝ ඩ්‍රයර් එකේ දැල පිරිසිදු කරලා තියනවද? මේ දැල පිරිසිදු නොකිරීම නිසා දැල අපිරිසිදු වෙනවා. දැලේ එකතු වෙලා තියන කුණු දූවිලි මගින් ඩ්‍රයර් එකට විතරක් නෙවෙයි, ඔයාගෙ කොණ්ඩෙටත් හානි සිදුවෙනවා. කුණු, දූවිලි, කොණ්ඩෙට පාවිච්චි කරන ඇලෙන සුළු නිෂ්පාදනවල අංශු ඩ්‍රයර් එකෙන් එන වායුවට එකතු වෙනවා එමගින් ඩ්‍රයර් එකෙන්වායුව එන වේගය අඩු වෙලා ඩ්‍රයර් එක තුල උෂ්ණත්වය වැඩි වෙනවා. අන්තිමේදී ගින්නක් වුණත් ඇති වෙන්න ඉඩ තියනවා.

නිතිපතා කුණු වලින් වියළන යන්ත්රය පිරිසිදු කිරීම ඉතා වැදගත් වේ. ඔබ සතියකට වරක් එය භාවිතා කරන්නේ නම්, මසකට වරක් එය පිරිසිදු කරන්න. ඔබ එය නිතර භාවිතා කරන්නේ නම්, සති 2 කට වරක් එය පිරිසිදු කරන්න.

14. උෂ්ණත්වය උපරිම කර හිසකෙස් වියළීම

මේක ඔයා අතින් වෙන ලොකු වැරැද්දක්. මොකද උපරිම උෂ්ණත්වයෙන් කොණ්ඩෙ වේලනකොට කෙස්ගස් හොඳටම වේලෙනවා. එතකොට කොණ්ඩෙ දුර්වල වෙනවා. උපරිම උෂ්ණත්වයට වැඩිකලාම ඉක්මනට කොණ්ඩෙ වේලගන්න පුලුවන් වුණත් ඒකෙන් ඔයාගෙ කෙස්වලට සිදුවෙන්නෙ ලොකු හානියක්. ඒ නිසා අත්‍යවශ්‍යම වෙලාවකදී හැර වෙන කිසිම වෙලාවකදි ඩ්‍රයර් එකේ උපරිම උෂ්ණත්වයෙන් කොණ්ඩෙ වේලන්න එපා.

15. උපකරණය එකම තැන තියාගෙන කොණ්ඩය වේලීම

ඩ්‍රයර් එක එකම තැනකට අල්ලගෙන කොණ්ඩෙ වේලන එකෙන් කොණ්ඩෙට ගොඩක් හානි සිදුවෙනවා. හැම විටම ඩ්‍රයර් එක එහා මෙහා කරමින් කොණ්ඩෙ වේලගන්න. උපකරණය ඔලුවට අල්ලගෙන ඉන්න කෝණය වරින් වර වෙනස් කරන්න. ඒ වගේම උපකරණය ඔලුව වටේටම කරකවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *