හිස්හොරි නැති කිරීමට පුදුම හිතෙන ස්වාභාවික ක්‍රම 7 ක්

එක්සත් ජනපදයේ ජනගහනයෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් හිස්හොරිවලින් පීඩා විඳිනවා. හිස්හොරි ඕනම වයසක කෙනෙක්ට හැදෙන්න පුලුවන්. කොහොම වුණත්, පුද්ගලයෙකු වයස අවුරුදු 20-30 අතර වූ විට හිස්හොරි ඇති වීමට වැඩි ඉඩක් තියනවා. ඒ වගේ අපහසු තත්වයක් සාමාන්‍යයෙන් වියළි හිස්කබලක් ඇති වීම, හිසකෙස් ගැලවී යාමට හා ඔයාගෙ ආත්ම විශ්වාසයටත් අහිතකර ලෙස බලපාන්න පුලුවන්. ඒ නිසා හිස්හොරි ඇතිවීම වළක්වගන්න ක්‍රම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා.

අද අපි ඔයාට තොරතුරු අරගෙන ආවේ හිස්හොරිවලින් මිදෙන්න කරන්න පුලුවන් ස්වභාවික හා ප්‍රතිඵලදායක සත්කාර කිහිපයක් ගැනයි

01. ටී ට්‍රී ඔයිල්

තේ ගස්වලින් ලබා ගන්න තෙල් වලට තමයි ටී ට්‍රී ඔයිල් කියන්නෙ. ඔයාගෙ ෂැම්පූවල ටී ට්‍රී ඔයිල් 5% ක් තරම් සුළු ප්‍රමාණයක් තිබුණත් එමගින් ඔයාගෙ හිස්කබලේ තත්වය වැඩි දියුණු කරනවා. ටී ට්‍රී ඔයිල්වල තියන ප්‍රතිබැක්ටීරීය හා ප්‍රති-දිලීර ගුණ නිසා ක්ෂණික ප්‍රතිඵල ලබා දෙමින් හිස්හොරි සුව කරන්නත් උදව් වෙනවා.

භාවිතා කරන්නේ කොහොමද:

එක් ක්‍රමයක් තමයි, ෂැම්පූ මිලි ලීටර් 200 බෝතලයකට ටී ට්‍රී ඔයිල් බින්දු 8-10 ක් එකතු කිරීම. ඔයාගෙ කොණ්ඩය සාමාන්‍යයෙන් සෝදන විදියටම සෝදන්න. හිස්කබලේ ෂැම්පු ආලේප කරලා ටික වෙලවක් තියලා ටී ට්‍රී ඔයිල් සාරය අවශෝෂණය කර ගන්න ඉඩ දෙන්න. ඉන්පසු හොඳින් සෝදන්න. එය භාවිතා කරන වෙනත් ක්‍රමයක් තමයි ඔයාගෙ දෛනික තෙල් ( ආමන්ඩ් තෙල් හෝ පොල්තෙල් වැනි ස්වාභාවික තෙල් වර්ගයක් ) සමග පාවිච්චි කිරීම. සාමාන්‍ය තෙල්වලින් හතරෙන් තුනකට ටී ට්‍රී ඔයිල් බින්දු 15 ක් එකතු කරලා මිශ්‍රණය ඔයාගෙ කොණ්ඩයට දමා හිස්කබල හොඳින් සම්බාහනය කරන්න. රැයක් තබා ඊළඟ දවසේ උදේ සෝදන්න.

02. ඇපල් සයිඩර් විනාකිරි


කාබනික ඇපල් සයිඩර් විනාකිරි වල තියන ප්‍රති-දිලීර ගුණාංග නිසා සමේ කැසීම හා වියළි සමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනවා. ඇපල් සයිඩර් විනාකිරි වල අම්ල අන්තර්ගතය හිස්කබලේ pH අගය වෙනස් කරන අතර යීස්ට් වැඩීමට අපහසු කරනවා.

භාවිතා කරන්නේ කොහොමද:

ඇපල් සයිඩර් විනාකිරි හා ජලය සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කරන්න. හිසකෙස් සෝදාගත් පසු මිශ්‍රණය තෙත් හිසකෙස්වලට ආලේප කරන්න. හිස්කබල හොඳින් සම්බාහනය කර විනාඩි 15 ක් තබන්න.

03. පොල්තෙල්

සමහර අය පොල්තෙල් හඳුන්වන්නෙ “හිසකෙස් සඳහා ආශීර්වාදයක්” විදියටයි. ඒ හිසකෙස් ආශ්‍රිත ඕනම ගැටළුවක් සුව කරන්න පුලුවන් නිසයි. පොල්තෙල් වල ප්‍රති-දිලීර ගුණ තියන නිසා හිස්හොරි සුව කිරීමට උපකාරී වෙනවා. හානියට පත් හිසකෙස් පෝෂණය කිරීමට ඉඩ සලසන ලෝරික්, කැප්රිලික් සහ කැප්රික් අම්ලය ද එහි අඩංගු වෙනවා.

භාවිතා කරන්නේ කොහොමද:

බඳුනක පොල්තෙල් සැලකිය යුතු ප්‍රමාණයක් (ඔයාගෙ කොණ්ඩයේ දිගට අනුව) රත් කරන්න. තෙල් හිස්කබලට හා හිසකෙස් වලට ආලේප කරලා මිනිත්තු 5 ක් සම්බාහනය කරන්න. එක රැයක් තබා උදේට සුපුරුදු ෂැම්පූ යොදා සෝදා හරින්න.

04. මී පැණි


මී පැණි එහි අමු ස්වරූපයෙන් භාවිතා කරන විට පුදුම සහගත ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුලුවන්. මී පැණි කියන්නෙ ස්වාභාවික හියුමෙක්ටන්ට් එකක්. ඒ කියන්නෙ එයට හිසකෙස්වල තෙතමනය රඳවා තබා ගනිමින් හිසකෙස් ප්‍රාණවත්ව තියාගන්න උදව් වෙන බවයි. ඒ හැරුණු විට එය විටමින් A, B, C, D, E, B- සංකීර්ණය වගේ විටමින් කිහිපයකින්ම සමන්විතයි. ඒ එක්කම කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේ අත්‍යවශ්‍ය ඛනිජ වර්ග කිහිපයකුත් මී පැණි වල අඩංගුයි. අමු පැණි ද හිස්හොරි සහ සෙබෝර්හයික් ඩර්මැටිටිස් වලට එරෙහිව ඉතා සාර්ථක පිළියමක්.

භාවිතා කරන්නේ කොහොමද:

හිසකෙස් තෙත් කරන්න. මී පැණි (මී පැණි 90% ක් සහ වතුරෙන් 10% ක්) තනුක කර විනාඩි 3-5 අතර කාලයක් හිස්කබලේ ආලේප කර පැය කිහිපයක් තියන්න. දැන් එය වතුරෙන් සෝදා හරින්න.

05. බේකිං සෝඩා


ශරීරයේ විවිධ කොටස්වල ඇතිවන ඩර්මැටෝෆයිට් ආශ්‍රිත ආසාදන 40 ක් හා යීස්ට් ආශ්‍රිත ආසාදන 18 ක් සඳහා සෝඩියම් බයිකාබනේට් නොහොත් බේකිං සෝඩා හොඳ ප්‍රතිකාරයක්. ඒ වගේම බේකිං සෝඩා කියන්නෙ විශිෂ්ට පිටකිරීමේ හැකියාවක් තියන අමුද්‍රව්‍යයක්. එය හිස්කබලට ආලේප කිරීමෙන් මිය ගිය සමේ සෛල ඉවත් වෙනවා. බේකිං සෝඩා භෂ්ම / ක්ෂාරීය ස්වභාවයක් ගන්නා නිසා එය හිස්කබලේ pH අගය සමතුලිත කිරීමට උපකාරී වෙනවා.

භාවිතා කරන්නේ කොහොමද:

ඔයාගෙ සාමාන්‍ය ෂැම්පූ වලට හොඳ තත්ත්වයේ බේකිං සෝඩා එකතු කර සාමාන්‍ය පරිදි එය භාවිතා කරන්න. අවශ්‍යනම් ඇපල් සයිඩර් විනාකිරි හා බේකිං සෝඩා එකතු කරන්නත් පුලුවන්. මේවායින් මිශ්‍රණයක් සාදා හිස්කබලට ආලේප කරන්න. බේකිං සෝඩා සහ රෝස තෙල් මිශ්‍රණයක් සාදා හිස්කබලට ආලේප කර විනාඩි 2-3 ක් තබාගෙන සිසිල් වතුරෙන් සෝදන්නත් පුලුවන්. නමුත් බේකිං සෝඩා කෙලින්ම සම මත භාවිතා කරන්න එපා.

06. කොහොඹ කොළ සාරය


අසාඩිරාචා ඉන්ඩිකා ලෙසද හැඳින්වෙන කොහොඹ, වසර සිය ගණනක් තිස්සේ ඉන්දියාවේ පවා ප්‍රතිබැක්ටීරීය, ප්‍රති-දිලීර සහ ස්වාභාවික පිරිසිදුකාරකයක් ලෙස භාවිතා කරලා තියනවා. මිනිස් සිරුරෙන් සියලු වර්ගවල අනවශ්‍ය රෝගකාරක හා ඩර්මෝෆයිට් ඉවත් කිරීමට කොහොඹ යුෂ උදව් වෙනවා.

භාවිතා කරන්නේ කොහොමද:

කොහොඹ කොළ උණුසුම් වතුර ටිකක් මගින් මිනිත්තු කිහිපයක් තම්බා ගන්න. ඇඟිලි වලින් හිස්කබල සෙමෙන් සම්බාහනය කරන ගමන් හිසකෙස් සෝදන්න.

07. ලෙමන්


ලෙමන් කියන්නෙ හිස්හොරි සඳහා වඩාත් ප්‍රචලිත, වඩාත් සුලභ ප්‍රතිකාරයක්. එය හිස්කබලේ pH අගය සමතුලිත කරන අතර එමගින් කැසීම සුව කරනවා. ලෙමන් ද හිස්කබලෙන් අතිරික්ත ග්‍රීස් සහ තෙල් ඉවත් කිරීමට උපකාරී වන අතර එමඟින් යීස්ට් පැතිරීම අඩු කරනවා.

භාවිතා කරන්නේ කොහොමද:

ලෙමන් යුෂ හිස්කබලේ ආලේප කරන්න. මිනිත්තු 35-40 අතර කාලයක් තබා, වතුරෙන් සෝදා හරින්න. අවශ්‍යනම් ලෙමන්-මී පැණි හෝ ලෙමන්-ජල සංයෝජනයත් භාවිතා කරන්න පුලුවන්.

ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක හිස්හොරි ඇතිවෙන්න පුලුවන්. ඔයත් ඒක කවදාහරි අත්විඳලා තියනවා නම්, එය නැති කර ගන්නට ඔයා කළේ කුමක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *