හෘදයාබාධයකට හේතු වෙන දේවල් හා ඒවා වළක්වන ක්‍රම

පිරිමින්ට වඩා කාන්තාවන්ට ආඝාතය වැළඳීමේ අවදානම වැඩි වුණත්, හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුයි කියලා අධ්‍යයනයකින් හෙළි වුණා. හෘදයාබාධ කියන්නෙ ටිකක් දරුණු රෝග තත්වයක් කියලා අපි හැමෝම දන්නවා. ඒත් මුලින්ම ලක්ෂණ හොයාගෙන හෘදයාබාධ වළක්වගන්නත් පුලුවන්. බරපතල අවදානම් සාධක නැති වයස 45 වන කාන්තාවන්ට, එයාලගෙ ජීවිත කාලය තුළ හෘදයාබාධයක් හෝ ආඝාතයක් ඇතිවීමේ අවස්ථාව 4.1% ක් වන අතර අවදානම් සාධක 2 ක් හෝ වැඩි ගණනක් තිබීම 30.7% දක්වා ඉහළ ප්‍රතිශතයක් ගන්නවා. මේකට එක එක වර්ගයේ හේතු බලපානවා. මානසික පීඩාවේ සිට සීතල කාලගුණය හා නරක වාතයේ නිසාත් හෘදයාබාධ ඇති වෙන්න ඉඩ තියනවා.

හෘදයාබාධ ඇති වෙන්න හේතු වෙන දේවල් හා ඒවා වළක්වාගන්නෙ කොහොමද කියලයි අද අපි ඔයාට කියන්න යන්නේ.

01. චිත්තවේගීය පීඩාව

කැනඩාවේ පර්යේෂණ කණ්ඩායමක් විසින්, හෘදයාබාධ ඇති රෝගීන් එකතු කරගෙන ඉන්ටර්හාර්ට් කියලා පරීක්ෂණයක් කලා. මේ පරීක්ෂණයට සහභාගී වුණු රෝගීන් 12,461 දෙනෙක්ගෙන් (සාමාන්‍ය වයස අවුරුදු 58) දත්ත ලබා ගත්තා. පරීක්ෂණයට එකතු වුණු අය එයාලට හෘදයාබාධය ඇති වෙන්න කලින් පැයේදි දැනුණු කිසියම් ප්‍රේරකයක් ගැන තොරතුරු ලබා දුන්නා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, මේ ප්‍රේරක හෘදයාබාධයකට හේතු වෙන්න පුලුවන් කියලා එයාලා හොයා ගත්තා. ඒත් වයස, නරක පුරුදු හා බර වැඩිකම මේ හේතුවලට අදාළ වුණේ නෑ.

අධ්‍යයනය කරපු අය කිව්වෙ අතිශය චිත්තවේගීය හා ශාරීරික ප්‍රේරක මගින් ශරීරයට සමාන බලපෑමක් ඇති කරනවා ඇති කියලා එයාලා හිතන බවයි. එමගින් රුධිර ගැලීම වෙනස් කරන අතර හදවතට රුධිර සැපයුම අඩු කරනවා. පීඩාකාරී අවස්ථාවන් වළක්වා ගැනීමට රෝගීන් නිර්දේශ කරනු ලැබේ.

02. නරක වාතයේ බලපෑම

පර්යේෂකයන් විසින් හෘද ගෝර 3 කට වඩා තියන රෝගීන් 16,000 කට වැඩි ගණනක් යොදාගෙන පරීක්ෂණයක් කලා. අපිරිසිදු වාතය තියන දවස්වලට වැඩියෙන්ම හැදෙන්නෙ මොන වගේ හෘදයාබාධයක්ද කියලා හොයාගන්න තමයි එයාලා උත්සාහ කලේ.

මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදියට, නරක වායු හා වඩාත්ම භයානක හෘදයාබාධ අතර සම්බන්ධයක් තියනවා කියලා පර්යේෂකයන් විසින් සොයා ගත්තා. විද්‍යාඥයින් කියන්නෙ පුලුවන් හැම විටම නාගරික පරිසරයෙන් ඈත් වෙලා ඉන්න කියලයි.

03. දික්කසාදය

කැරොලිනා ආයතනයේ කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ දික්කසාදය, හෘදයාබාධයක් ඇති වෙන්න ලොකු අවධානමක් තියන හේතුවක් කියලයි. දික්කසාද වූ රෝගීන්ට හෘදයාබාධ ඇති වීමේ අවදානම විවාහක අයට වඩා 18% කින් වැඩියි.

ඒ වගේම තනිකඩ හෝ වැන්දඹු පිරිමින්ට ඒ තත්වයේම ඉන්න කාන්තාවන්ට වඩා හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි බවයි. ඒ නිසා පවුල් ජීවොතයේ ප්‍රශ්න පුලුවන් තරම් සාමකාමීව විසඳගන්න උත්සාහ කරන්න.

04. ගැබ් ගැනීම

දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් කරපු පරීක්ෂණයකින් හෙළි වුණේ ගර්භණීභාවය නිසා සිදුවන වෙනස්කම් (හෝමෝන අසමතුලිතතාවය හා ශරීරය හරහා ගලන රුධිර ප්‍රමාණය වැඩිවීම ඇතුළුව) ගර්භණී සමයේදී හා සති 12 කට පසු හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන්න පුලුවන් බවයි.

ගර්භණී කාලෙදි සාමාන්‍යයෙන් හෘදයාබාධ ඉතා දරුණුවට ඇති වෙනවා. එමගින් ගොඩක් සංකූලතා ඇති වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට, හැම රෝගියෙකුටම එකම ප්‍රතිකාර ක්‍රමයක් පාවිච්චි කරන්න බෑ. ගර්භනී කාන්තාවන් එයාලගෙ හදවත් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.

05. කෝපය

සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වුණේ ඕනෑවට වඩා තරහ ගන්න එක නිසා පැය 2 ක් තුළ හෘදයාබාධ ඇතිවීමේ අවදානම 8.5 ගුණයකින් වැඩි බවයි. වෛද්‍ය තෝමස් බක්ලි පැවසුවේ මේකට හේතු වෙන්නෙ පවුලේ සාමාජිකයන් (29%) හා අනෙකුත් පුද්ගලයින් (42%) සමඟ ඇති වන තර්ක බවත්, රැකියාවේදී (14%) හා රිය පැදවීමේදී (14%) කෝපයක් ඇති කරන බවත්‍ ය.

පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය වැඩි වීම, ධමනි පීඩනය හා රුධිර කැටි ගැසීම වගේ රෝගවලට, කෝපය හා කාංසාව හේතු වෙනවා. මේ හැමදේම අන්තිමට හෘදයාබාධයකට හේතු වෙනවා. ඒ වගේ වෙලවට, හෘදයේ බර අඩු කර ගන්න අවසාදිත ඖෂධ ගන්න කියලයි වෛද්‍යවරු කියන්නෙ.

06. අධික ලෙස මත්පැන් පානය කිරීම

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කියන්නෙ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වෙනවා කියලයි. වයස අවුරුදු 21 හා ඊට වැඩි වයස්වල හෘදයාබාධ තියන අය එකතු කරගෙන කරපු පරීක්ෂණයකින් තමයි මේ බව හෙළි වුණේ.

එහි ප්‍රතිඵලයක් විදියට දැනගන්න ලැබුණේ 268,000 කට ආසන්න පිරිසක් මත්පැන්වලට ඇබ්බැහි වෙලා ඉන්න බවයි. අනිත් ඔක්කොම සාධක සලකලා බැලීමෙන් පස්සෙ, මත්පැන් පානය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවදානම දෙගුණයක් වෙන්න පුලුවන් බව ඔප්පු වුණා. ඒ නිසා නරක පුරුදු අතහැරලා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්න ඔයත් පුරුදු වෙන්න.

07. සීත කාලගුණය

කැනඩාවේ විනිපෙග් හි මැනිටෝබා විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක් තිස්සේ කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ අඩුවෙන හැම 10°C උෂ්ණත්වයකටම හෘදයාබාධයේ දරුණුතම ස්වරූපය වන ST- කියන “උන්නතාංශයේ හෘදයාබාධ” ඇතිවීමේ (STEMI) 7% අවදානම වැඩි වෙනවා කියලයි. සීතල කාලගුණය මගිනුත් හෘදයාබාධ ඇති වෙන්න පුලුවන් බව විද්‍යාඥයින් සොයා ගත්තා. හෘදයාබාධවලට ගොදුරු වන අය හදිසි උෂ්ණත්ව වෙනස්වීම් හා ශීත කාලගුණය තුළ එළියේ ඉන්න එක නැති කරගන්න ඕන.

08. නින්ද නොයාම

නෝර්වීජියානු විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කල අධ්‍යයනයෙන් හෙළිවුණේ නින්ද නොයාම නිසා හෘදයාබාධ ඇතිවීමේ අවදානම, හොඳින් නිදාගන්නවාට වඩා 45% කින් වැඩි බවයි.

වෛද්‍යවරු කියන්නෙ නින්දේ ගැටලු වලට ප්‍රතිකාර කරන එක එච්චර අමාරු නෑ කියලයි. ඒ නිසා නින්ද නොයාම හා හෘදයාබාධ අතර තියන සම්බන්ධය ගැන ජනතාව දැනුවත් වෙන එක ගොඩක් වැදගත්. ඔයාටත් රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයා සමඟ කතා කරන්න. වේගයෙන් නින්දට යන්න කැමති අය චමමයිල්, වැලරියන් හා හොප්ස් සමඟ ඖෂධීය තේ පානය කරන්න.

09. දුම් පානය

ටෙල් අවිව් වෛද්‍ය මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් දුම්පානය හා හෘදයාබාධ අතර සම්බන්ධයක් තියන බව හොයාගෙන තියනවා. ඒකෙන් හෙළි වුණේ දුම් පානය කරන අයට හෘදයාබාධ ඇතිවීමේ අවදානම 3 ගුණයකින් වැඩියි කියලයි.

දුම් පානය කරන වයස අවුරුදු 50 ට වැඩි අයට හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි බවයි. අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් හා දියවැඩියාව වගේ භයානක රෝග ලකෂණ පවා එයාලට ඇති වෙන්න පුලුවන්. කලින් පුද්ගලයෙකු මෙම නරක පුරුද්ද අත්හරින තරමට ඔවුන්ගේ හදවත යහපත් වනු ඇත. ඔයාටත් මේ රෝග ලක්ෂණ තියනවනම් තනියම රෝග විනිශ්චය කරන්න යන්න එපා. වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබා ගන්න. ඔයා ඔයාගෙ හදවත රැකබලා ගන්නේ කොහොමද? ඔයාගෙ අදහස් අපිට කියන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *