හොඳම නිළියන්ගෙන් එළියට ආපු ලස්සන වීමේ රහස් 11 ක්

වික්ටෝරියාස් සීක්‍රට් නිරූපිකාවන් එයාලගෙ සුවිශේෂී සුන්දරත්වය පවත්වා ගන්නෙ කොහොමද කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියනවද? අපි එකම නීති රීති අනුගමනය කරන්න උත්සාහ කළත්, ඒවා අපට එකම ආකාරයකින් ක්‍රියාත්මක වන බවක් පේන්නෙ නෑ. අපි තාම මේ ගැන හැම රහසක්ම දන්නෙ නෑ කියලයි අපිට හිතෙන්නෙ.

ඔයාව රැජිණක් වගේ ලස්සන කරන්න පුලුවන් පුදුම හිතෙන රූපලාවණ්‍ය උපක්‍රම කිහිපයක් ගැන තමයි අපි නිම්නයෙන් අද ඔයාව දැනුවත් කරන්න හිතුවේ.

11. අලංකාර ෆේස් මාස්ක්

පැයකට හරි සම රැකවරණය ලබා ගන්න ඔයා අමතක කරන්නෙ නැති වුණත්, වික්ටෝරියාස් සීක්‍රට් නිරූපිකාවන් ගොඩක් දෙනෙක් භාවිතා කරන උපක්‍රමයක් තමයි කැරට් 24 ගෝල්ඩ් මාස්ක් කියන්නෙ. ඕනම විශේෂ සිදුවීමකටම කලින් රාත්‍රියේ නිරූපිකාවන් මේ අලංකාර මාස්ක් භාවිතා කරලා එයාලගෙ සම පැහැපත් කර ගන්නවා.

10. වංචා කරන දවස්

සිහින් සිරුරක් කියන්නෙ සාමාන්‍යයෙන් ජාන විද්‍යාව, ව්‍යායාම හා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක ප්‍රතිඵලයක්. කොහොම වුණත් කවදහරි ඩයට් කරපු ඕනම කෙනෙක් දන්නවා ඔයාට කැමති කෑමක් කන්න ඕන වුණාම ඔයා ඩයට් එකට බොරු කරලා ඒ කෑම කාපු හැටි. මේක ඩයට් කිරීමේ වැදගත් අංගයක්. එමගින් ඔයාගෙ මානසික ආතතිය දුරු කරනවා. එක් වංචාකාරී ආහාර වේලකින් ඔයාගෙ ඩයට් එකට බාධාවක් වෙන්නෙ නෑ. ඔයාට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර අනුභව කරන්න පුලුවන් කියලත් මතක තියා ගන්න!

09. නැවුම් මුහුණ

ඔයාගෙ මේකප් එක කොච්චර මෘදු වුණත්, ඔයාගෙ සමට ඍණාත්මක බලපෑමක් ඇති කරන්න එයට පුලුවන්. මේකප් නිතර ආලේප කරන එකෙන් සමේ රැළි ඇති වෙනවා. ඒ වගේම මේකප් මගින් ඔයාගෙ සමේ සිදුරු අවහිර කරනවා. ගොඩක් වෙලාවට වෘත්තිමය නිරූපිකාවන් වුණත් මේකප් එක ආලේප කරගෙන ඉන්නෙ නිරූඵණය කරන වෙලාවෙදි විතරයි.

08. හරි ප්‍රමාණයට ජලය පානය කිරීම

පොදු මිථ්‍යාවක් තමයි දවසට අඩුම වශයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කළ යුතු බව. එකෙනෙකාට අනුව ශරීරයේ ප්‍රමාණය වෙනස් වෙන නිසා තමන්ගෙ ශරීරයේ ප්‍රමාණයට හරියන්න වතුර බොන්න ඕන.

සාමාන්‍ය දේශගුණයක ජීවත් වෙන කෙනෙක්ට නම් බර කිලෝවකට වතුර මිලි ලීටර් 30 ක් පමණ පානය කරන එක සුදුසුයි.

07. නිවැරදි පෝෂණ අතිරේක

නගරයේ ජීවත්වන හෝ දැඩි ආහාර වේලක් ගන්නා ඕනෑම කෙනෙක්ට විටමින් හරිම වැදගත්. ඔයා සත්ත්ව ආහාර ගන්නෙ නැති කෙනෙක් නම්, ඔයාගෙ දෛනික ආහාරයට බී 12 විටමින් එකතු කරගන්න එක ගොඩක් වැදගත්. ඔයා ජීවත් වෙන්නේ හිරු එළිය නැති නගරයක නම්, ඔයාගෙ ශරීරයට ඩී 3 වගේ ඩී විටමින් ප්‍රයෝජනවත් වෙනවා. පෝෂණවේදියෙකුගෙන් උපදෙස් ලබා ගෙන ඔයාට සුදුසු පෝෂණ අතිරේක මොනවද කියලා දැනගන්න පුලුවන්.

06. රෝම ඉවත් කිරීම

රෝම ඉවත් කරන්න වෙලාවක් තියනවා කියලා ඔයා හිතුවෙ නෑ නේද? ඊළඟ වතාවේ ඔයා ශේව් කරනකොට, උදේට නැගිටලා පැය බාගෙකට පස්සෙ හරි, දවල් කාලෙදි හරි ශේව් කරන්න මතක තියාගන්න. එමගින් පැහැදිලිව රෝම ඉවත් කරගන්න පුලුවන්. අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ හොඳම ක්‍රමයක් තමයි සීනිවලින් හදපු වැක්ස් එක. ඒකත් හැම කෙනෙක්ටම හරියන්නෙත් නෑ. ඒ නිසා ඔයා ශේව් කරනකොට අපි මේ කියපු වෙලාවන්වලදි විතරක් ශේව් කරන්න අමතක කරන්න එපා.

05. ව්‍යායාම

කිසිම වෙලාවක මේකප් ඉවත් කරන්නෙ නැතුව ව්‍යායාම කරන්න පටන් ගන්න එපා. දහඩිය හා මේකප් හොඳින් මිශ්‍ර වෙන්නෙ නැති නිසා සමේ තියන සිදුරු අවහිර වෙලා සමේ ආසාදන ඇති වෙන්න පුලුවන්.

04. මුහුණේ අයිස්

මේක වික්ටෝරියාස් සීක්‍රට් නිරූපිකාවක් වන ජැස්මින් ටූක්ස්ගේ උපක්‍රමයක්. ඇගේ මුහුණ තදින් හා නැවුම්ව තබා ගැනීම සඳහා ඇය හැම උදෑසනකම අයිස් කැබැල්ලක් මගින් ඇගේ සම මෘදු ලෙස සම්බාහනය කරනවා.

03. අයි බැග් අඩු කරන්න

වික්ටෝරියාස් සීක්‍රට් නිරූපිකාවක් වන වික්ටෝරියා බ්‍රිටෝ කියන විදියට අර්තාපල්වලින් ගන්න පුලුවන් ප්‍රයෝජනයක් තමයි මේ. ඇය අයි බැග් හෙවත් ඇස් යට ඉදිමීම අඩු කිරීමට අර්තාපල් කැබලිවලට කපා විනාඩි 10-15 අතර කාලයක් ඇගේ ඇස් යට තබනවා.

02. අනෙක් දේවල්වලට වඩා ඇස්වලට මුල්තැනක් දෙන්න.

මේ දවස්වල මේකප් ට්‍රෙන්ඩ් සැරින් සැරේට වෙනස් වෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ මේකප් ශිල්පියෙක් වන ටොම් පීචියුක්ස් කියන්නෙ මේ අවුරුද්දෙ හොඳම ට්‍රෙන්ඩ් එක “ස්වාභාවික මුහුණක් සහිත තේජස” බවයි. ඒ නිසා මේ අවුරුද්දේ දීප්තිමත් හා විස්මිත අයි මේකප් යෙදීම නිසා පිරිසිදු හා නැවුම් වුණු මුහුණු දැකගන්න පුලුවන්.

01. මස්කාරා ඇලීමට ඉඩ නොදෙන්න

ටොම් පීචියුක්ස් කියන්නෙ ඔයාගෙ මස්කාරා ලේයර් එක ඇස් වටේ ගෑවෙන්න ඉඩ දෙන්න එපා කියලයි. මේකට කරනන් පුලුවන් හොඳම දේ තමයි, මස්කාරා ආලේප කරනකොට ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ දෙයක් ඇහිපියන් මත තැබීම. එතකොට මස්කාරා එක වියලෙන්න කලින් ඇස් වටේ ගෑවෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *