ළඟම කෙනෙක් සමගවත් මේවා බෙදාහදා ගෙන පාවිච්චි කරන්න එපා

අපේ යට ඇඳුම්, දත් බුරුසුව වගේ දේවල් තව කෙනෙක් එක්ක බෙදා හදා ගෙන පාවිච්චි කරන්න හොඳ නෑ කියලා අපි දන්නවා. ඒත් මේ වගේ එකට පාවිච්චි කරන්න හොඳ නැති දේවල් අපි දන්නෙ නැතුව වුණත් එකට පාවිච්චි කරන අවස්ථා ගොඩක් තියනවා. ඒවගෙන් අපේ සෞඛ්‍යයට වෙන්න පුලුවන් අහිතකර බලපෑම ගැන අපි දැනුවත් නැති නිසා අපිට ඒක එච්චර ගානක් නැති වෙන්න පුලුවන්.

ඒත් තමන්ගෙ පවුලේ කෙනෙක් එක්කවත් බෙදාගදා ගෙන පාවිච්චි කරන්න හොඳ නැති දේවල් මොනවද කියලයි අපි අද ඔයාට කියන්නේ.

01. ලිප්ස්ටික්

යාලුවෙක් ඔයාගෙ ලිප්ස්ටික් එක පොඩ්ඩකට ඉල්ලුවම ඔයා දෙපාරක් හිතන්නෙ නැතිව ඒක එයාට දෙනවනේ. ඒත් ඒක සුදුසු දෙයක් නෙවෙයි. හර්පීස් කියන සමේ රෝගය ලිප්ස්ටික් මගින් බෝ වෙන්න පුලුවන්. මේ රෝගය තියන සමහර අයගේ රෝගය තියන බවක් දද විදියට එලියට පේන්නෙ නෑ. ඒත් එයාලගෙ කෙළ හා ශ්ලේෂ්මල වල වෛරස් එක තියෙන්න පුලුවන්. හර්පීස් රෝගය නිට්ටාවටම සනීප කරන්න බැරි එකක් නිසා පරිස්සම් වෙන එක හොඳයි.

02. හෑන්ඩ්ස් ෆ්‍රී

හැම කෙනෙක්ගෙම කනේ තියන කළාඳුරුවල ඒ කෙනාටම ආවේණික විදියට සමතුලිත බැක්ටීරියා ප්‍රමාණයක් තියනවා. අපි වෙන කෙනෙක්ගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් හෝ හෙඩ් ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඒ බැක්ටීරියා අපේ කන ඇතුළට ගිහින් අපේ කනේ හැදිලා තියන බැක්ටීරියා සමතුලිතය බිඳ වැටෙනවා. ඒ නිසා කන ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඔයා වෙන කෙනෙක්ගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකක් පාවිච්චි කරනවා නම් අනිවාරෙන්ම ඒක හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පිරිසිදු කරලා ගන්න. ඒ වගේම ඔයාගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එක වුණත් සතියකට වරක් මේ විදියට පිරිසිදු කරන්න.

03. කොණ්ඩ කටු

අපේ කොණ්ඩ කටු වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න දීමෙන් දිලීර ආසාදන වගේම උකුණත් බෝවෙන්නත් පුලුවන්. ඔයාගෙම කොණ්ඩ කටු වුණත් නිතර සබන් යොදා සෝදා පිරිසිදුව තබාගන්න.

04. ඩියෝඩ්‍රන්ට්

ප්‍රති බැක්ටීරියාකාරක අඩංගු වන ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්නෙ දහඩිය මගින් ඇතිවන බැක්ටීරියා නිසා ඇති වෙන දුගඳ නැති කිරීමටයි. අතයට ආලේප කරනකොට ඒ බැක්ටීරියා ඩියෝඩ්‍රන්ට් එකේ ගෑවෙනවා. අපි වෙන කෙනෙක්ගෙ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කලොත් ඒ බැක්ටීරියා අපේ ඇඟටත් එනවා. ඒ වගේම ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්න කලින් අත් යට හොඳට පිරිසිදු කරගන්නත් ඕන.

05. තුවාය

ශරීරය මතුපිට තියන ජලය උරාගන්න එක තමයි තුවායකින් කරන්නෙ. ඔයා කොච්චර සෞඛ්‍ය සම්පන්නව හිටියත් නාන කාමරය ඇතුලේ තියන ජල වාශ්ප නිසා ඔයාගෙ තෙත තුවායට බැක්ටීරියා හා දිලීර ගොඩක් එකතු වෙනවා. ඒ නිසා ඔයාගෙ තුවාය වුණත් පාවිච්චි කලාට පසු හොඳින් වේලාගන්න.

06. රූපලාවණ්‍ය උපකරණ

රූපලාවණ්‍ය උපකරණ වලට වුණත් කාලයක් එක දිගට පාවිච්චි කරනකොට ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය වෙනවා. ඒ නිසා වෙන කෙනෙක්ගේ රූපලාවණ්‍ය උපකරණ පාවිච්චි කරන එක හොඳ වෙයක් නෙවෙයි. හර්පීස් වගේ සමේ රෝග හැදෙන්නත් පුලුවන්. උයාගෙ රූපලාවණ්‍ය උපකරණ පාවිච්‍චියෙන් පසු ඇල්කොහොල් ටිකකින් පිසදාගන්න.

07. සමට සත්කාර කරන උපකරණ

මුහුණ පිරිසිදු කරන බ්‍රෂ්, මසාජ් කරන රෝලර් හා ස්පොන්ජ් වගේ ඒවා මත කාලයත් එක්ක බැක්ටීරියා අඩංගු සමේ කොටස් රැඳිලා තියෙන්න පුලුවන්. කුරුලෑ හා සමේ රෝගවලට මේක ලොකු හේතුවක් වෙනවා. පාවිච්චියෙන් පස්සෙ මේ උපකරණ උණු වතුරෙන් සෝදන්න. මාස දෙක තුනකට වරක් අලුත් උපකරණ වලට මාරු වෙන්න.

08. පාවහන්

සපත්තු කියන්නෙත් හවුලේ පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙවෙයි. ඔයා සපත්තු දාගෙන ඉන්නකොට යටිපතුල් වලට දාඩිය දානවා. ඒ මගින් බැක්ටීරියා ආසාදන ඇති වෙන්න ඉඩ තියනවා.

09. ශේවිං රේසර්

ශේවිං රේසර් එක මගින් හෙපටයිටිස් කියන වෛරස් එක සම්ප්‍රේෂණය වීමේ ලොකු අවධානමක් තියනවා. ඒ නිසා තව කෙනෙක් එක්ක පොදුවේ පාවිච්චි කරන්න හොඳ නෑ.

10. නේල් කටර්

නේල් කටර් එක පොදුවේ පාවිච්චි කරන එක ගොඩක් භයානකයි කියලා ඔයා දැනගෙන හිටියද? නේල් කටර් පොදුවේ පාවිච්චි කිරීමෙන් දිලීර ආසාදනය වෙනවා. ඔයාට වෙනම නේල් කටර් එකක් භාවිතා කරන්න. අනික් අයට පාවිච්චි කරන්න දෙන්න එපා. හදිස්සියකදී හරි වෙන කෙනෙක්ගෙ නේල් කටර් එකක් පාවිච්චි කරන්න වුණොත් මුලින්ම ඒක හොඳින් පිරිසිදු කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *