2016 න් පසුව අප අතැහර දැමූ කෙස් හා මේකප් ට්‍රෙන්ඩ් 10 ක්

විලාසිතා කියන්නෙ නිතරම වෙනස් වෙමින්, අලුත් වෙමින් ඉදිරියට ගමන් කරන දෙයක්. ඇඳුම් විතරක් නෙවෙයි, මේකප් හෝ කොණ්ඩ මෝස්තර පවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැනට අවුරුදු කිහිපයකට කලින් තිබුණු ට්‍රෙන්ඩ් එක දැන් නැති වෙන්න පුලුවන්.

අද අපි කතා කරන්නෙ 2016 අවුරුද්දෙන් පස්සෙ කෙස් සහ මේකප් ට්‍රෙන්ඩ් වෙනස් වුණු ආකාරය ගැනයි.

01. පාට කරපු ඇහිබැම වෙනුවට ස්වාභාවික ඇහි බැම

2016 ට කලින් ඇහිබැම පාට කිරීම විලාසිතාවක් බවට පත් වෙලා තිබුණා. ඒත් අද වෙනකොට රූපලාවණ්‍යයේදී මුල් තැනක් ලැබෙන්නෙ ස්වාභාවික හා ටිකක් අවුල් වුණු ඇහි බැමටයි. ඒ වගේම ඉස්සරට වඩා ඇහිබැමේ ඝනකමත් අඩු වෙලා තියනවා.

02. ස්වාභාවික ඇහි පිල්ලම් වෙනුවට බෝනික්කෙක්ගෙ වගේ ඇහිපිල්ලම්

අද වෙනකොට ඇහිපිල්ලම් විලාසිතාවත් වෙනස් වෙලා තියනවා. 2016දී වැඩිපුරම භාවිතා කෙරුණේ සාමාන්‍ය ස්වභාවික ඇහිපිල්ලම් විතරයි. ඒත් දැන් කෘතිම ඇහිපිල්ලම් නිර්මාණය කරලා තියන නිසා, කාන්තාවන් වැඩිපුර යොමුවෙන්නෙ බෝනික්කෙකුගේ වගේ ඇහිපිල්ලම්වලටයි.

03. පැස්ටල් පාට වෙනුවට දීප්තිමත් මස්කාරා

2016දී භාඉතා කල රෝස සහ පීච් වර්ණ වෙනුවට, අද වෙනකොට ගොඩක් දීප්තිමත් මස්කාරා සහ අයි ලයිනර් මුල් තැනක් අරගෙන තියනවා.

04. මුහුණේ හැඩය වෙනුවට මුහුණේ ඒකාකාර වර්ණය

මීට අවුරුදු කිහිපයකට කලින් මේකප් එකකදි වැඩිපුර අවධානයක් යොමු කලේ මුහුණේ හැඩය ඉස්මතු කිරීමටයි. ඒත් අද වෙද්දි ඒ විලාසිතාවත් වෙනස් වෙලා. මේ කාලෙ වැඩිපුර අවධානය යොමු කරන්නෙ මුහුණේ වර්ණය ඒකාකාරීව පවත්වා ගැනීමටයි.

05. මැට් ලිප්ස්ටික් වෙනුවට දිලිසෙන ලිප්ස්ටික්

2016 දී දකින්න ලැබුණු මැට් ලිප්ස්ටික් විලාසිතාවත් දැන් දිලිසෙන ලිප්ස්ටික් වර්ණවලට මාරු වෙලා තියනවා. දීප්තිමත් ලිප්ස්ටික් මගින් තොල්වල පරිමාව වැඩි කරලා ඒවාට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා දෙනවා.

06. වයින් පාට වෙනුවට බෙරී පාට ලිප්ස්ටික්

මේ වෙනකොට වැඩිපුරම භාවිතා වෙන්නෙ බෙරී පාට ලිප්ස්ටික් කියලා ඔයා දන්නවද? ඒත් 2016 කාලයේ නම් විලාසිතාව බවට පත් වෙලා තිබුණෙ වයින් පාට ලිප්ස්ටික් වර්ගයි.

07. ලොකු කැරලි වෙනුවට සියුම් කැරලි

දැන් කාලෙ කර්ලි හෙයා ට්‍රෙන්ඩ් එක තමයි පොඩි පොඩි කැරලි තියන කැරලි කොණ්ඩෙ. හැබැයි ඉස්සර නම් ලොකු කැරලි කොණ්ඩයත් විලාසිතාවක් බවට පත් වෙලා තිබුණා.

08. හිසකෙස්වලට ගොඩාක් දීප්තිමත් වර්ණ වෙනුවට සැහැල්ලු වර්ණ

2016 වෙනකොට කාන්තාවන් තද සහ ගොඩාක් දීප්තිමත් වර්ණවලින් කොණ්ඩෙ කලර් කරන එකට පිස්සු වැටිලා හිටියා. හැබැයි, දැන් ඒක වෙනස් වෙලා. අද වෙද්දි ගැහැණු ළමයි ගොඩක්ම කොණ්ඩෙ කලර් කරන්නෙ ඇස්වලට සන්සුන් වර්ණවලින් විතරයි.

09. අවුල් සහගත විලාසිතාව වෙනුවට තදින් බැඳපු කොණ්ඩය

කොණ්ඩ විලාසිතා ගැන කතා කරනකොට 2016දී තිබුණු උඩට කොණ්ඩය බන් එකක් විදිහට දාලා පැත්තෙන් අවුල් වුණු කොණ්ඩ කොටස් පේන්න තියන විලාසිතාව දැන් පරණයි. අද කාන්තාවන් පිළිවෙලට පීරූ තදින් බන් එකක් විදිහට බැඳපු කොණ්ඩ මෝස්තරවලට කැමතියි.

10. අඩ සඳ ආකාරයේ නේල් ආර්ට් වෙනුවට දීප්තිමත් ප්‍රංශ නේල් ආර්ට්

නියපොත්තේ යටම කොටස වෙනත් පාටකින් පාට කරපු විලාසිතාව අද වෙනකොට දකින්න ලැබෙනවා අඩුයි. ඒ වෙනුවට කාන්තාවන් ගොඩක්ම කැමති, නියපොත්තේ වැවුණු කොටස වෙන පාටකින් පාට කරන ෆ්‍රෙන්ච් මෙනිකියෝ විලාසිතාවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *